පොලිසිය ඇතුලේ සුපිරි ගේමක් ගැසූ ස්ථානාධිපතිවරිය අත්අඩංගුවට !

0
229

 

මීගමුව පොලිස් ස්ථානයේ, පාලන අංශයේ ස්ථානාධිපතිවරිය ,මෙලෙස පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව විශේෂ අපරාධ විමර්ෂන අංශය මගිනි.  ස්ථානාධිපතිවරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය ඥාති නිවසක සැඟව සිටියදී බව ද වැඩිදුරටත් වාර්තා වේ.
                 මීගමුව ,පොලිස් ස්ථානයට අනුයුක්ත රථවාහන පොලිසියේ නිලධාරීන් හට 06  මසකට වරක්  පිරිනමන රිවෝඩ්ස් (revods) හෙවත් ප්‍රසාද දීමනාවන් වංචනික ලෙස එම නිලධාරීන්ට හොර රහසේ  මෙම පාලන අංශයේ ස්ථානාධිපතිවරිය විසින් ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ..ඒ අනුව රුපියල් ලක්ෂ 02 කට ආසන්න මුදලක් මෙලෙස ඇය වංචා කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වුයේ. එමෙන්ම ඇය විසින්  දැනට වැඩ බලන මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබී ඇති ප්‍රසාද දීමනා මුදල්ද මෙලෙස හොර රහසේ වංචනිකව ඇය විසින් ලබාගෙන ඇති බවද වැඩිදුරටත් මෙහිදී අනාවරණය වී තිබෙ.
                      ඒ අනුව සැකකාර ස්ථානාධිපතිවරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින (2024/11/18) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් සැකකාර ස්ථානාධිපතිවරියව රුපියල් ලක්ෂ 05 බැගින් වන  ශරීර ඇප 02 ක් මත ඇප ලබා දී තිබේ.  එලෙසම මෙම නඩුව එළැඹෙන 2025 වසරේ මාර්තු මස 21 වැනි  දිනට නැවත පැවැත්වෙන බවද දැනුම් දී තිබේ.
            මේ වන විට වැඩ තහනමට ලක්වී ඇති මෙම ස්ථානාධිපතිවරිය සම්බන්ධයෙන් වෙනමම පොලිස් පරීක්ෂණයක්ද පැවැත්වීමටද කටයුතු  යොදා ඇති බවද වර්තා  විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here