පොලිසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතෙන් ඉවත් කළ යුතුයි..

0
206

r2l 1පොලිසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතෙන් ඉවත් නොකර ඉන් ස්වාධීන සේවාවක් බලාපොරොත්තු විය නොහැකියි. එමෙන්ම, පොලීසියේ විනය විරෝධී කටයුතු වලට එරෙහිව නඩු පැවරීම සදහා ස්වාධීන නඩු පවරන්නෙක් පත්කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික‍්‍රමරත්න මහතා මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ මරදාන CSR ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිණි.

ජුනි 26 දිනට යෙදි තිබූ වධහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන, ‘‘රයිටු ටු ලයිෆ්’’ මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය ලංකාවේ වධ හිංසනය අවම කිරීම සදහා පවතින යාන්ත‍්‍රණයන් මීට වඩා පාවිච්චියට ගත හැකි ද යන මැයෙන් පැවැත්විය.

සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, වධහිංසාවට ලක්වු වින්දිතයන් පුජකතුමන්ලා හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වී සිටියහ.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඉරාන්  වික්‍රමරත්න මහතා ”ලංකාව තුළ වධ හිංසා සිදු කිරීම” නැමැති මෙම පුළුල් ක්‍ෂේත‍්‍රය පිළිබඳව වඩ වඩාත් මහජනතාව දැනුවත් කළ යුතු බවත්, එමෙන්ම සෑම දේශපාලණ පක්‍ෂයක්ම නියෝජනය වන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ වෙනුවෙන් අපි ගොඩනැගිය යුතු බවත් පාර්ලිමේන්තුවේදීත්, පාර්ලිමේන්තු කාරක සභාවන් තුළදීත් ඔවුන් හරහා මේ සම්බන්ධව සාකච්ඡුා කළ හැකි බවත් පාර්ලිමේන්තුව මේ සදහා උපයෝගී කර ගැනීමට උත්සාහ කළ යුතු බවත් පැවසීය.

මෙහි දී බම්බලපිටිය මුහුදු තීරයේදි දරුණු ලෙස පොලිසියේ පහරදීම් වලට ලක් ව දමිල ජාතික මන්ද මානසික ශිවකුමාර ගේ ජිවිතක්‍ෂයට පත්වීම පිළිබඳව ගෙතු වාර්තාමය කෙටි චිත‍්‍රපටයක් ද වැඩසටහන ආරම්භයේදි දර්ශන ගත කළේය.
උපුටා ගැනිම http://www.right2lifelanka.org/new/sinhala.php