පොලිසිය ලුහුබදිද්දි බේරෙන්න තරුණයෙක් මුහුදට පැනලා…

0
67

මීගමුවේ කාමච්චෝඩේ   ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසියට බියෙන් දුවගෙන ගොස් මුහුදට පැනිම පිළිබදව අවසානාවන්ත පුවතක් වාර්ථාවේ.

මේ සිදුවිම ගැන මීපුර වෙබ් අඩවියට කරුණු පැහැදිලි කළ තරුණයාගේ ඥාතින් ප්‍රකාශ කර තිබුනේ …….26 වියැති දිනේශ් නැමති මේ තරුණයා කාම්චෝඩේ විස්ත්‍රීන් මාවතේ පදිංචිකරුවෙක බවත් .2011 ජුලි 01 වෙනිදා උදේ වරුවේ කාමච්චෝඩේ සිටියදි එහි පැමිනි පොලිස් නිලධාරින් පිරිසක් දැක පලායන්නට විම නිසා පොලිසිය විසින්ලුහුබදින්නට පටන්ගත් බවත් මේ තරුණයා කාමච්චෝඩේ ප්‍ර දේශයෙන් මුහුදට පැන්නද පොලිස් නිළධාරින්ද ඔහු ඇල්ලිමට මුහුදට පැණිම නිසා අර තරුණයා මුහුදේ ඇතට යාමට උත්සාහ ගෙන ඇති බවත්ය.

ඒත් සමඟම පැමිණි රැල්ල හේතුවෙන්  පොලිස් නිළධාරියෙක් සහ අර තරුණයා මුහුදේ ගිලිනු අතර ඉතිරි පොලිස් නිළධාරින් මැදිහත්ව පොලිස්  නිලධාරියා බේරාගෙන තිබුනද අර තරුණයා මුහුදේ ගසාගෙන ගොස් ඇත.මේ තරුණයාගේ මළ සිරුර 2011 ජුලි මස 02වන දින උදේ වරු‍වේ පෝරුතොටදි ගොඩගසා තිබුණි.