පොලිසිය වහාම පුනරුත්ථාපනය කළ යුතුයි නැතිනම් යහපාලනය හබක් ?

0
53

mad  policeනීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක විසින් බීබීසී සංදේශයට කර තිබුණ ප්‍රකාශයක් ඇස ගැටිමේදි පෙනි ගිය එක් කරුණක් වුයේ යහපාලනය යටතේ පොලිසිය දැන් කටයුතු කරන ආකාරය ගැන  සාම ඇමතිවරයා බෙහෙවින්ම සතුටින් සිටින බවය.
ඔහු කියන්නට උත්සාහ කරන්නේ පොලිසිය ඇත්ත කිව්වනම් හරි බොරු කියපු එක තමයි ප්‍රශ්ණේ වගේ අදහසක් ඔහු බිබිසියට කියා තිබේ.
එමෙන්ම පොලිසිය යාපනයේ ‘යතුරු පැදි කල්ලි’ ගැන අවධානයෙන් සිටි බවත් එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් පිරිස කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයිද ඔහු තවදුරටත් බිබිසියට කියා ඇතැයි එකි වෙබ් අඩවියේ සදහන්ය.
සාමය භාර ඇමතිවරයා මේ ප්‍රශ්ණය දකින්නේ එතරම් සරල අයුරින්ම නම් රටේ නිතිය හා ක්‍රමවත්භාවය දෙයියන්ගේම පිහිටය.
විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර කලාපය තුල පොලිසිය ක්‍රියාත්මක විය යුතු අකාරය ගැන අනෙක් පලාත්වලට වඩා ශික්ෂණයක් තිබිය යුතුවේ .
එහෙත් එවැන්නක් පිළිදව වැඩපිළිවෙලක් ගැන අදහසක් වත් පොලිසිය භාර ඇමතිවරයාට එන්නේ ඇත්තටම සිද්ධවෙමින් තිබෙන්නේ කුමක්දැයි ඔහුට හෝ හරි වැටහිමක් ඇත්තේ නම් පමණි.