පොලිසිය විසින් නවතා දැමුනු කානිවල් එක වත්තකින් මතුවෙයි ?

0
46

(11.30 am ) ජනතා විරෝධය මැද කොච්ච්කඩේ පොලීසිය විසින් නවතා දැමුනු පෝරුතොට වැල්ලේ කානිවල් ඒ අසල වත්තකින් මතුවෙන ලකුණු පහල වි ඇතැයි ප්‍රදේශවාසින් පවසා සිටිති.

අදාල ආයතන නිසි ⁣ලෙසින් දැනුවත් නොකොට කානිවල් එකක් සහ ෆුඩ් පෙස්ටිවල් එකක් සංවිධානය කිරිමට මේ කානිවල් සංවිධාකයන් කලින් සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් මතුව ආ විරෝධය මැද අතහැර දැමුන මේ කානිවල් තවත් ගැටළු රැසක් නිර්මාණය කරමින් එළියට දැම්මට දැන් මෙහි සංවිධාකයන් කටයුතු කරමින් සි⁣ටිති.

මෙය සංවිධානය කරනු ලබන ප්‍රධානින් ලංසා පවුලෙන් දේශපාලන පත්විම් ලබා නගර සභාවේ විවිධ තනතුර හොබවන අයවලුන් ව්මද විශේෂත්වයකි.

කව්රුන් හෝ මෙවැනි විනෝද කටයුත්තක්  කරන්නේ ඒ සඳහා කරනු ලබන අයකිරිම් ,ටිකට් ආදායමට අදාල පළාත්පාලන ආයතනයට විනෝද බද්දක් ගෙවිය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප නාගරික කොමසාරිස්වරියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ මේ ගැන කිසිදු දැනුවත්  කිරිම සිදුකර නැති බවත් ,මෙම කානිවල් එකේදි කරනු ලබන සියලුම අයකිරිම් වලට අදාලව බදු අනිවාර්යයෙන්ම ගෙවිය යුතු බවය.

කෙසේ වෙතත් මිගමු නගර සභාවේ බෝහෝ ක්ෂේත්‍රවල තවමත් සිටින්නේ ලංසා පවුල විසින් දේශපාලන පත්විම් ලබා දුන් අය වෙති.ආදායම් පාලකලාද එසේමය.නගර සභාවට ආදායම් ලබාදිමට කටයුතු කරනවා වෙනුවට තම සාක්කුවට ඒ ආදායම් දා ගැනිම ඔවුන්ගේ.එකම අරමුණය.⁣ මෙම කානිවල් නාඩගමද ඊ⁣ට කදිම නිදසුනකි.

ඇත්තම කතාව නම් මේ අය කානිවල් කරන්නේ දරුවන්ට ඇති ආදරය නිසා නොවන නත්තලට ගාණක් කපා ගැනිම වෙනුවෙන් බවත් අප කළ විමසුමකදි පෝරුතොට පුරවැසියෙකු කියා සිටියේය.

එබැවින් නිසි අවසර නොගෙන කරනු ලබන මේ කානිවල් පිලිබදව තොරතුරු නගරසභාවට ලබාදිමට පවා මේ අදායම් පාලකලා මඟඅරිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here