පොහොට්ටුවේ පැරිෂුට් අපේක්ෂකයන්ට ඇතුලෙන්ම විරෝධය !

0
108

5343017මීළඟ මහ මැතිවරණය සඳහා හිටපු හමුදා ප්‍රධානීන්, ප්‍රසිද්ධ ක්‍රීඩකයන්, කලාකරුවන්, වියත් මග සාමාජිකයන් රැසක් පොහොට්ටුව නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සියලු දෙනාම ඉදිරිපත් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු නියෝජිතයන් ලෙස බය ලංකා නිව්ස් වෙබ් අඩවිය පවසා සිටි.

එහි තවදුරටත් මෙසේද සදහන් වේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට ඇතැම් දිස්ත්‍රික්කවල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ. ඊට එක් හේතුවක් වන්නේ, පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල දැනට සිටින මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසක් බලාපොරොත්තුවෙන් සිටින අතර අලුතෙන් පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ඔවුන්ගේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙන නිසාය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානමින් සිටින අතර මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පොහොට්ටු ක්‍රියාකාරිකයන් ඔහුට සෘජුවම විරෝධය පළ කරමින් සිටී. ඔවුන් පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට පැරෂුට්කාරයන් අවශ්‍ය නොවන බවයි.
මේ අතර පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් වියත්මග හරහා තරඟ කිරිමට යන නාලක ගොඨහේවාට එරෙහිවද දැවැන්ත විරෝධයක් එල්ලවි තිබුණි. මෙම විරෝධයට එක්ව සිටි ඇතැම් භික්ෂුන් කියා තිබුනේ නාලක ගොඩහේවා බෝන් අගෙන් ආගම් පිල්ලියක් බවය.
මේ විරෝධතා සියල්ල පිටුපස මහින්ද පිළ සහ ගෝඨා පිළේ ගැටුමද ඇති බව දැන් පැහැදිලිය.
මුලාශ්‍රය- LNW