පොහොට්ටුවේ මිගමු සංවිධායක දයාන් ලංසාද ?

0
69

sarath 10(11.45 am ) මීගමුව දේශපාලනය තුල පක්ෂ මාරුනොකොට අාරම්භයේ සිටම එකම පක්ෂයක රැදි සිටින මහින්වාදියා වන්නේ හිටුප නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නය. රාජපක්ෂලාගේ වැඩිම ආශිර්වාදය සහ සහ ලබන මිගමු දේශපාලකයා වන්නේ ද ඔහුය.
මේ නිසාම පොහොට්ටුවේ නිල නොවන සංවිධායකයා ලෙසින් පසුගිය කාලය තුල කටයුතු කළ තැනැත්තා වුයේද සරත් ගුණරත්නය. තතු එසේ වුවද පසුගිය දිනක මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය පළාත් පාලන මැතිරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වු සියළු අපේක්ෂකයන් කැදවා රැස්විමක් සංවිධානය කර තිබුනේ අඩුම තරමින් සරත් ගුණරත්නටවත් නොදන්වාය.
ඒ මැයි දිනයට සෙනග ගෙන යාම පිළිබදවය.
ලංසා පවුල දැන් ටිකින් ටික මහින්ද පිලෙන් කැපිගෙන යන්නට පටන් ගෙනය. එයට හේතු රාශියකි. මේ නිසාම දැන් දයාන් ලංසා ඉරපැන යමින් හෝ තමන්ට නැති සංවිධායකකමක් ආරුඪ කරගෙන සංදර්ශනයක් පවත්වමින් සිටි.
ඒ මහින්ද රාජපක්ෂගේ හිතගැනිමටය.