පොහොට්ටුව බෑ! ‌පොදු ලකුණකින් විතරයි !ශ්‍රීලනිපය අන්තිම තීන්දුව ගනී!

0
52

MY32පො‌හොට්ටුව ලකුණින් ඉදිිිිරි ජනාධිපතිවරණය තරග කරන්නේ නම් කිසිසේත්ම ‌පොදුජන ‌පෙරමුණ සමග එක්විය ‌නොහැකි බවට ශ්‍රීලනිපය ඊයේ (27) රාත්‍රියේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි තීන්දුවකට එළඹ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්ව‌‌යෙන් පැය ‌දෙකක පමණ ‌වේලාවක් පැවැත්වී ඇති ‌මෙම රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එකක් බව වාර්තා ‌වේ.

මෙහිදී නිමල් සිරිපාල, තිලංග සුමතිපාල, රංජිත් සියඹලාපිටිය යන තිදෙනා පමණක් ‌පොහොට්ටුව සමග සන්ධානගත විය යුතු බව ප්‍රකාශ කර ඇති අතර අනෙකුත් සියලුම ‌දෙනාා දැඩි ස්ථාවරයක සිටිමින් අවධාරණය ‌කොට ඇත්තේ ‌එක්ව යනවා නම් ‌පොදු ලකුණකින් විනා කිසිසේත්ම ‌පොහ‌ොට්ටුව සලකුණ යටතේ තරග කළ ‌නොහැකි බවකි.

ඒ අනුව රැස්වීම අවසන් වූ වහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ‌ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාටම කතා ‌කොට ඇති ජනාධිපතිවරයා ‌අද (28) දහවල් 12ට ජනාධිපති ‌ලේකම් කාරයාලයේදී තමන්ව හමුවන ‌ලෙසට දැනුම් දීමක් කර තිබේ.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර ඇති බැවින් ලබන ඉරිදාට (29) ප්‍රථම ‌මෙම සලකුණ පිළිබදව අවසන් තීන්දුවකට පැමිණීමට ‌නොහැකි වුවහොත් සදුදා (30) පැවැත්වීමට නියමිත පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

එසේ වුවහොත් ශ්‍රීලනිපය විකල්ප තීන්දුවකට යමින් තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිිරීමට සැලසුම් ‌කොට ඇති බවද දැනගන්නට ඇත.
www.infosrilankanews.info