පොහොට්ටුව මගඩි වලින් කප් ගහයි ! දැන් මාස්ක් මගඩියක් ?

0
67

රාජපක්ෂ පාලනය තුල දැවැන්ත මගඩි ගැන දැන් දිනපතා පුවත් මැවෙන්නට පටන් ගෙනය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ලොක්කෝ ලොකු ගණන්වලින් මගඩි මෙහෙය වද්දි පොඩ්ඩෝද පොඩි ගණන් වලින් මගඩි සංවිධානය කරන බවය.

මෙවර දිවයින පුවත් පත වාර්තා කර තිබුනේ මාස්ක් මගඩියක් ගැනය.

වරාය අධිකාරියේ සේවකයන් සඳහා ලබාදෙන මුව ආවරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 04 ක පමණ අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානන්ද මහතා පැවසු බව දිවයින පුවතේ වැඩිදුරටත් සදහන්ය.
වෙළෙඳපොළේ රුපියල් 07 ක් වැනි මිලකට ගත හැකි මුව ආවරණ වරාය අධිකාරියේ බලධාරීන් විසින් රුපියල් 40 ක් වැනි මිලකට ලබා ගැනීම නිසා මෙම අක‍්‍රමිකතාව සිදුවී ඇති බව ද ඒ මහතා කියා තිබේ.

මෙම මුව ආවරණ මසකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලදී ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බව ද ගොරකානන්ද මහතා සඳහන් කළේය.