පොහොට්ටුව සමගින් එකගෙයි කන මිගමු එජාප නායකයන් ආසනය දිනයිද ?

0
55

kavinda jපොහොට්ටුවේ ජනපති ආපෙක්ෂකයා දැනටමත් ප්‍රකාශයට පත්කොට තිබෙන අතර බැසිල් රාජපක්ෂ නුතන තාක්ෂණය යොදාගනිමින් දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් දැනටමත් දියත් කර තිබේ.ඒ කෙසේ හෝ සිය පවුලට යළිත් බලය ලබාගැනිම වෙනුවෙනි.
එැබැවින් එජාපය මෙවර ඇත්තේ දැවැන්ත අභියෝගයකි.
එහෙත් මේ අභියෝගය මිගමු ආසනය තුල එජාප නායකත්වය වගක්වත් ඇතිදැයි හැගෙන්නේ එජාප ආසන සංවිධායකයා මෙන්ම ඔහුගේ නායකත්වය යටතේ මෙහෙය වන බහුතරයක් එජාප මන්ත්‍රිලා කටයුතු කරනු ලබන්නේ පිස්සන්ට  හැතැම්ම නැති ගානටය.
එයටම දෙවනි නොවන කාවින්ද ජයවර්ධන වටේ සිටින ආධාරකරුවෝද මුහුණු පොතේ ජෝකරලා බවට පත්වෙමින් විහිළු සපයමින් සිටිති.
මේ සියළු විගඩම් සිදුවන්නේ බැසිල් රාජපක්ෂ විසින් නුතන තාක්ෂණය පෙරටු කොට ගත් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් සහිත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබියදිය.
අනික් කරුණ වන්නේ මිගමුවේ පොහොට්ටු පාලනයේ වැරදි හෝ අසාර්ථකභාවයන් ඉදිරි මැතිවරණයේදි ජනයා හමුවට ගොස් කියා සිටින්නට නම් කාවින්ද ජයවර්ධන හෝ ඔහුගේ ගෝල නාගරික මන්ත්‍රිලා ඒවාට එරෙහිව මහනගර සභාව තුල ක්‍රියාත්මක වෙමින් සිටිය යුතුය.
එහෙත් ඇත්තම තත්වය මේ බහුතරයක් දෙනා දැන් කසාය බිගත් ගොළුවන් මෙනි.
ඒ නිසාම මිගමුවෙ බදුගෙවන ජනයාගේ මුදල් නගරාධිපති දයාන් ලංසාගේ සහෝදරයාගේ දේශපාලන චරිතය පුම්බන්නට යොදාගත්තද ඊට එරෙහි වන්නට කාසයබි ගත් එජාප ගොළු මන්ත්‍රිලාට බැරිය.
නගරාධිපති දයාන් ලංසා මිගමුවේ ජනයාගෙ බදුමුදලින් ඕස්ට්‍රෙලියාවේ පුද්ගලික සංචාරයක් යාමට රුපියල් ලක්ෂ 5 ක් ඉල්ලා සිටි අවස්ථාවේදි මුදල් කාරක සභාවේ එජාප නියෝජිතයෝ කිසිදු විරෝධයක් පළ කළේ නැත.
අඩුම තරමින් මේ බරපතල ප්‍රශ්ණය මහසභාවට පෙර පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්විමේදිවත් කථා කර තිබුනේ නැත.
කාවින්ද පැමිණි පසු විපක්ෂයක් නැති ගානට වැටුණි.
මෙය සැබැවින්ම ඛේදවාචකකි.
එපමණක් නොව යහපාලන රජයේ දැවැන්ත ගම් සංවර්ධන වැඩසටහනක් වන  ගම්පෙරළිය හරහා ලැබෙන කෝටි ගණනක මුදල් දයාන් ලංසාගේ ගෝලබාලයන් විසින් හිතුමතේ වැය කරමින් සිටිති.ඒ ගැන ප්‍රශ්ණ කරන්නට එජාප මන්ත්‍රිලා සුදානම් නැත්තේ දයාන් ලංසා විසින් ඔවුන් ඉස්සරට දමන මස්කටු නිසාවෙනි.
අද ඒ ගානට මිගමුවේ එජාපය වැටි තිබේ.
මෙසේ පොහොට්ටුවත් සමගින් එක ගෙයි කන මිගමුව එජාපයට දැන් ආසනය දිනය හැකිද යන්න බරපතල ගැටළුවකි.