පොහොට්ටුව හා ශ්‍රීලනිප අර්බුදය ගැන ගොඩහේවා කියන කතාව

0
74
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම සඳහා සන්ධාන ගතවිමේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව පොදුජන පෙරමුණ සමඟ සිටින අනිකුත් දේශපාලන පක්ෂ වල මතයට ද ඇහුම්කම් දිය යුතුබව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ගම්පහ යක්කල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නාලක ගොඩහේවා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන්ට ඇති අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවයි.

නමුත් සන්ධානගත වීමේදි තවත් පක්ෂ කිහිපයක් ඇති බැවින් ඔවුන්ගේ ද එකඟත්වයක් ඇතිව කටයුතු කළ යුතු බවද ඔහු පැහැදිලි කළේය.

සෑම පක්ෂයකටම සිය අභිලාෂයන් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවත් ඒ සඳහා සන්ධානගේ සිටින පක්ෂ සියල් ඇහුම්කන් දීය යුතු බවත් ඔහු පවසයි.

නමුත් අවසානයේ නායකත්ව මණ්ඩලවල පොදු එකඟතාවයකට අනුව කටයුතු කරන ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
theleader.lk

වීඩියෝ