පොහොට්ටු මන්ත්‍රිලා අතිබහුතරයකගේ කැබිනට් සිහිනය අහෝසියි ?

0
116

Gota-Telepomtorනව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරිම දැනටමත් අර්බුදයක් වි ඇත්තේ එහි ගණන 15 කට සිමාකොට තිබිමත් සමගින්ය.
වාර්ථා වන අන්දමට නව කැබිනට් මණ්ඩලයේ  අමාත්‍යධුර 7ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද, අමාත්‍යධුර 5ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී සිටින කුඩා පක්ෂවලට ද, අමාත්‍යධුර 3ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද වශයෙන් බෙදී යාමට නියමිතය.

මේ අතර පොහොට්ටුවට සම්බන්ධ කුඩා පක්ෂ ලෙස සැලකෙන කණ්ඩායම් සදහා ඇමතිධුර 5 ක් වෙන්කරනු ඇතැයි අපේක්ෂිතය.
මේ පසුබිම තුල ශ්‍රිලනිපට ලැබෙනු ඇත්තේ ඇමතිධුර 3කි.
මෙම ඇමතිධුර බෙදිල්ලේ බරපතලම අර්බුදය මතුවෙනු ඇත්තේ පොහොට්ටු මන්ත්‍රින් අතරේය. මේ අනුව ඉතිරි මන්ත්‍රිධුර 7 සදහා මේ වන විට පොහොට්ටු මන්ත්‍රින් 50 කට ආසන්න පිරිසක් අතරේ ඇමතිධුර පොරයක් බවට එය පත්විමට බොහෝ දුරට ඉඩ තිබේ.
දුෂණ චෝදනා ඇති කිසිවෙකුටත් ඇමතිධුර නොදෙන්නේය ස්ථාවරය තුල දැනටමත් සමාජය පිලිකුලට පත්ව සිටින මහින්දාන්දලා සහ ජොනි අනිවාර්යෙන්ම කැපියනු ඇත.
මේ අතර පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමිපතමයෙකු වුවද නිමල් ලංසා මේ නිර්ණායක අතරේ කිසිදු ඇමතිකමක් ලැබිමේ ඇති අනිවාර්යෙන්ම අහිමිකරගෙන ඇත.