පෝඩු දැල් නිසා වැල්ලවීදිය මුහුදේ පුංචි යුද්ධයක්…

0
792

DSC_1736

(2.51pm) ඊයේ( 08දා )  උදේ  10.00  ට  පමණ  වැල්ලවීදිය  දේවස්ථානය  පිටුපස  මුහුදේ  දී තෙප්පම්  ධිවරයින්  සහ තවත්  බෝට්ටුවලින්  පැමිණි  පිරිසක් අතර ගැටීමක් සිදුව තිඛේ. මොවුන් දෙපිරිස අතර ගල් වලින් පහරදීම් සිදුව ඇති අතර තෙප්පම් හා බෝට්ටු වලට හානිද සිදුව තිඛේ. මෙම ගැටුමට හේතුවී ඇත්තේ තහනම් දැල්පන්න ක්‍රමයක් වන පෝඩු දැල් දමා මාලුන් ඇල්ලීම   බව තෙප්පම් ධිවරයින් පවසති. මෙම බරපතළ   ගැටලුවට දැනට අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ    මුහුණදී සිටින  තෙප්පම්  ධීවරයෝ  පවසති.
මේම ගැටුම පිළිබදව සාකච්ඡා කිරීම සදහා තෙප්පම් ධිවරයින් අද පෙරවරුවේ මීගමුව ධීවර කාර්යාලය වෙත පැමිණ සිටි අතර එහිදී     මෙහිදී  තෙප්පම්  සමීතියේ  භාණ්ඩාගාරික  ප්‍රදීප් මහතා  ආවේගශීලී  අයුරින්  ප්‍රකාශ කළේ  තවදුරටත්  මේ  ප්‍රශ්ණය  විසඳන්නට  බැරි  වුනොත්  තමන්  ගිනිතියා  ගන්නා  බවයි.   මේ සම්බන්ධයෙන් තෙප්පම්  ධීවරයින් විසින්  මීගමුව පොලීසියේ පැමිණිල්ලක් සිදුකර තිඛේ.

” මෙම දැල් පන්නක්‍රමය  තහනම්  රස්සාවක්  වන  අතර  වසරේ  මෙම  කාලයේදී  මෙකී  රස්සාව  නිසා  ආරවුල්  ඇතිවන  බවත්,  ඒසඳහා  නිසි විසඳුමක්  තවමත්   ලබාදීමට  බලධරයෝ  සමත්වී  නැති බවත්  තෙප්පම්  ධීවරයින්  පවසති. ‍ඊයේ  ඇතිවූ  ගැටුම   ගැන  අදහස්  දැක්වූ   ශාන්ත  සෙබස්තියන්  තෙප්පම්  ධීවර   සමීතියේ  ලේකම්  වන  රංජි  මහතා……

“මම  රස්සාව  කරමින්  ඉන්නකොට  බෝට්ටුවක්  ඇවිත් නතර කරල  මගෙ  බෙල්ලෙන්    අල්ලල  මට  තර්ජනය  කළා.  බලාගනිං  රස්සාව  කරන්න  රෑට  ආවොත්  තොපිව මරණවා  කියා  ඔවුන්  මට  බැනවැදුනා. ඒ  එක්කම  තවත්  බෝට්ටු  4ක්  ආවා.  ඊට  පස්සෙ     අපේ  තෙප්පම්  කට්ටියත්  ආව.  ඒගොල්ලො ( පෝඩුදැල්  රස්සා  කරන  අය)  එක  බෝට්ටුවේ 5ක්  විතර  හිටියා.  ඔක්කොම  25 ක් විතර  ඇති.    දෙගොල්ලොම  ගල්වලින්  ගහගත්තා.  “

අපේ  තෙප්පම්  3ක්  කැඩුනා. මේ  සඳහා  යම්  පියවරක්  නොගත්තොත්  නැවත  විනාශයක්  සිදුවන බව  තෙප්පම්  ධීවරයින්  පවසති.