පෝය දිනටත් මත්පැන් අලෙවි කලැයි කළමණාකරු අත්අඩංගුවට.

0
48

liquor-23-1482466326

නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල වයික්කාල,අලුත්තොට ප්‍රදේශයේ අවන්හලක් වටලා මත්පැන් තොගයක් සමග පුද්ගලයෙකු පෙරේදා (12) සැක පිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් දූෂණ මර්ධන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවන්හලේ කලමණාකරුවෙකු ලෙස සේවය කල 19 හැවිරිදි තරුණයෙකි. පොලිස් දූෂණ මර්ධණ අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහි අලෙවියට තිබූ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම අවන්හලේ සිදුවන නීතිවිරෝධී කටයුතු සම්බන්දයෙන් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු හා සමිති රැසකින් කාලයක සිට පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබද විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර මෙම වැටලීම සිදුකල බවත් වැටලීම සිදුකල නිධාරීහු පැවසූහ.

සැකකරු හා මත්පැන් තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පොලිස් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂඛ ප්‍රසාද් ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.

 

චන්දන ප්‍රනානදු –  නයිනමඩම.