පෝරුතොට බීච් පාක් එකේ ලයිට් කැපුවේ කව්ද ?

0
179

beach prk 4මීගමුුව  සැබැවින්ම ජනාකිර්ණය . මේ නිසාම මිගමුවේ ජනයාට සිය නිදහස විවේකය ගතකරන්නට පවතින ස්ථානවල බරපතල අඩුවක් පවති.
මේ පසුබිම තුල පෝරුතොට ප්‍රදේශයේ නිර්මාණය වි ඇති පුංචි බිච් පාක් එක අතිශය වැදගත් වේ.
විශේෂයෙන් මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට සිය විවේකය ගතකිරිමට ඇති ප්‍රධාන තැනක් බවට පත්ව ඇත්තේ මේ ස්ථානයයි.
මේ අවට කඩල කරත්තකරුවන් ඇතුළු අවැසි වෙනත් පහසුකම් ද දැන් ටිකෙන් ටික නිර්මාණය වෙමින් තිබේ.
තතු මෙසේව තිබියදි දැනට කලක සිට මෙහි විදුලිය කපා ඇත.
මෙය සිදුව තිබුනේ පාස්තු ප්‍රහාරයන් දින කිපයකට පසුවය.මෙහි විදුලිය විසන්දි කිරිම සිදුකර තිබුනේ විදුලි බල මණ්ඩලය විසිනි.
එහෙත් විදුලි බලමණ්ඩලයට මෙහි විදුලිය විසන්දි කිරිමට කව්රුන් හෝ මැදිහත්විමක් කර තිබිය යුුතුය.
ලංසා පවුල දේශපාලනය කරන්නේ මීගමුවේ ජනයාට සුබසෙත සැලසිමට නොව සිය තාත්තාගේ අදායම් මාර්ග වෙනුවෙන්  වෙරළ උද්‍යානය ඇතුළු ප්‍රධාන අදායම් මාර්ග සිය පාලනය යටතේ තබාගන්නටය.
පෝරුතොට පුංචි බිච් පාක් එකක් නිර්මාණය විම යනු ලංසා පවුලේ ප්‍රධාන ආදයම් මාර්ගයට වැදිය හැකි මරු පහරකි.
එසේ නම් පෝරුතොට බිච් පාක් එකේ විදුලිය කැපෙන්නට ඇත්තේ ඇයිදැයි තේරුම් ගැනිම අපහසු නොවනු ඇත.
මීගමුවෙ බදු ගෙවන ජනයාට සිය විවේකය ගතකිරිම සදහා නිදහසේ තෝරාගත් මේ ස්ථානය විදුලිය කපාදැමිම නිසා විශේෂයෙන්ම පෝරුතොට ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට මරු පහරක්ව තිබේ.
එහෙත් අරුමය වන්නේ මෙය පසුගිය කාලය තුල පරිහරණය කළ ජනතාව වෙනුවෙන් මෙතෙක් මහනගර සභාව මැදිහත්වි මේ ස්ථානයට විදුලිය ලබාදිමට මාස 3 නකටත් වැඩිකාලයක් ගොස් තිබියදි පවා කිසිදු මැදිහත් විමක් සිදුනොකර තිබිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here