මේ පිරිසේ ප්‍රධානියෙකු වු එම්.සකාවුල්ලා විසින් ඊයේ රාත්‍රියේ පෝරුතොට පැවැති මහජන රැළියකට ජනාධිපති නිතිඥ අලිසබ්ර්රිගේ පැමිණිම නවතා දමන්නට නිමල් ලංසා විසින් කටයුතු කර තිබුණ බව දැනගත් සරත් ගුණරත්න සහ සාකාවුල්ලා ඊයේ උදෑසනම මහින්ද රාජපක්ෂ හමුවිමට ගොස් තිබුණි.
එහිදි වහා මැදිහත්ව ඇති මහින්ද රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගට මෙන්ම අලිසබ්බ්රිටද කථා කොට ඊයේ රාත්‍රියේ පැවැති රැස්විමට ඔහුට පැමිණිමට කටයුතු සුදානම් කර තිබුණි.
විශාල මුස්ලිම් ජනතාවගේ රැස්විමට පැමිණි අලිසබ්බ්රිට පෝරුතොට ජනයාගේ විශාල පිළිගැනිමක්ද හිමිව තිබුණි.
නිමල් ලංසා විසින් සිදුකරන්නට යෙදුන කුමන්ත්‍රණය පෝරුතොට වේදිකාවේ සිට හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න දැඩි විවේචනාත්මක කථාවක් කරමින් නිමල් ලංසා විසින් කළ කුමන්ත්‍රණය ගැනත් ජාතිවාදි කලබල ඇතිකොට මුස්ලිම් ජනයාට හිරිහැරිම නවතාලන්නට නිමල් ලංසා පියවර නොගැනිම ගැනත් දැඩි ස්වරයකින් ඊයේ කරුණු ඉදිරිපත් කරන ලදි.