පෝස්ටර් යුද්ධය සාමකාමී ද ?

0
755
poster-nimal lansa

????????????????????????????????????

නගර සභා  මැතිවරණය ජයගැනීම උදෙසා  සියළු දේශපාලන ලහි ලහියේ  සූදානම් වන  මේ මොහොතේ  පෙර මෙන් තාප්ප වසාගෙන පෝස්ටර් , කටවුට් , ඉටිකොල සැරසිලි නැතිවුවත් සුළු වශයෙන්  තාප්ප වල පෝස්ටර් අලවා තිඛෙනු දක්නට ලැඛේ. මෙම මැතිවරණය තුළ සිදුවන ප්‍රචාරක කටයුතු සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය වන අකාරය පිළිබදව මීගමුව පොලීසියේ අපරාධ අංශයේ දිසානායක මහතාගෙන් ඒ පිළිබදව විමසීමක්  සිදුකෙළමු.
ඔහු ප්‍රකාශ කෙළේ  මේ වනවිට තිඛෙන වාතාවරණය සාමකාමී බවත්,  පෝස්ටර් කටවුට් දමා ඇති තැන්වල දී අදාළ පුද්ගලයන්ට  උපදෙස් දුන් පසු ඔවුන් ඒවා ඉවත්කරගන්නා බවත්ය.
මීගමුව පුරා   ඇලවී ඇති පෝස්ටර් දිනපතාම ඉවත්කළත් නැවතත්  එම පෝස්ටර් අලවා ඇති බැවින් දිනපතාම ඒවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කරන බවත් දිසානායක මහතා තවදුරටත් පැවසීය.
අපගේ නිරී්ක්ෂනයට අනුව ,තවත් පක්ෂ වල පෝස්ටර් ගම් ඇතුළේ ඇලවී ඇති අතර සමහර පක්ෂ වල පෝස්ටර් වැඩිපුර ඇලවී ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස වැල්ලවීදිය , මුන්නක්කරය වැනි ප්‍රදේශ වල  නිමල් ලාන්සාගේ සහ,දයාන් ලාන්සාගේ පෝස්ටර් වැඩිපුර ඇලවී තිඛේ. මේ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමම පුද්ගලයන්ගේ සුදුසු නුසුදුසු බව ප්‍රදර්ශනය කිරීමකි. මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව අප අවධාරණය කර සිටිමු.

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here