පෞද්ගලික රෝහල්වල වලටත් මිළ පාලනයක් ?

0
74

15-heart-symptoms-s3-doctor-with-stethoscope-and-heartපෞද්ගලික රෝහල්වල විවිධ පරීක්ෂණ හා සැත්කම් සඳහා අය කරන ගාස්තු ජනතාවට දැරිය හැකි සාධාරණ මිලක් දක්වා අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සැලසුම් කර තිබෙන බව පසුගිය දින මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

එහි සභාපති හසිත තිලකරත්න මහතා උපුටා දක්වමින් සදහන් කර තිබුනේ , පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගන්නා පරීක්ෂණ සඳහා ඉතා ඉහළ මිල ගණන් අය කරන බවට ජනතාවගෙන් දෛනිකව පැමිණිලි රැසක් ලැබෙන බව ය.

එක් එක් රෝහල්වල එකම පරීක්ෂණය සඳහා අය කරන මිල ගණන් විවිධාකාර වීම ද ගැටලුවක් බව ඔහු සඳහන් කර තිබුන බව මාධ්‍ය විසින් සදහන් කර තිබුණි.

මේ පසුබිම මත  රජයේ රෝහල්වලින් සිදුකර ගැනීමට නොහැකි ඇතැම් පරීක්ෂණ සහ සැත්කම් සඳහා ජනතාවට අසීමිත මුදලක් වැය කිරීමට සිදුවන බව  නොරහසකි.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මීට මාස 09 කට පමණ පෙර පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

එහෙත් එහි රෙගුලාසි මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නොමැති බව සභාපතිවරයා ඇත.
තතු මෙසේ වන්නේ නම් මේ පුද්ගලික රෝහල්වලට මිළ පාලනයක් සිදුකිරිමට තවත් වසර කියක් අවැසිදැයි අපට අහන්නට සිදුවේ.