පෞද්ගලික රෝහල් නියාමනයට ජාතික වැඩ පිළිවෙලක් !

0
138
negambo nawaloka hospitle ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක පුද්ගලික අංශයේ රෝහල් සියල්ලම නිසි නියාමනයකට ලක් කිරිම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්ත මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙය ඉතාමත් වැදගත් පියවරක් වන්නේ මීගමුවේ පවා ඇතැම් පුද්ගලික රෝහල්හි  ඇති වෛද්‍යමය පහසුකම් ප්‍රමාණවත්ද යන ගැටළුවද මතුව තිබෙන පසුබිමකය.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ සැලසුම් අඩංගු වාර්තාවක් ඉදිරි මාස2 තුළ සකස් කර අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්නට උපදෙස් ලබා දී ඇති බව ගගන වෙබ් අඩවිය අද වාර්ථා කළේය.

එම වාර්තාව ජාත්‍යන්තර සමාගමක් වන කේ.පී.එම්.ජී ආයතනය විසින් සකස් කරනු ලබන බවයි රජය පවසන්නේ.පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ දී වෛද්‍ය පරික්ෂණ, ශල්‍යකර්ම, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම, ඖෂධ අළෙවිය ඇතුලු සෑම ක්ෂේත්‍රයක් ම නියාමනය කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන බව තවදුරටත් එහි සදහන්ය.

පෞද්ගලික රෝහල් පරීක්ෂා කිරීම සඳහා හදිසි වැටලීම් අංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සහකාර ලේකම් සහ අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය බලතල පැවැරීම සඳහා ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව ඇත.
(ගගන වෙබ් අඩවිය ඇසුරිනි)