පෞරාණික ඔලිව්ගස් රැකගැනීමට ඉතාලියේ ජනතාව පෙලගැසේ.

0
178
සමාගම විසින් කපා දමා දැමූ ඔලිව් ගස්
පෞරාණික වටිනාකක් ඇති ඔලිව් ගස්
පෞරාණික වටිනාකක් ඇති ඔලිව් ගස්

 

ඉතාලියේ දකුණු කොටසේ ජීවත් වන ජනතාව විසින් ඉතාමත් වැදගත් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අසර්බයිජානයේ සිට ඉතාලිය දක්වා දහන වායු ප්‍රවාහනය කිරීම සදහා එම ප්‍රදේශයේ තිබෙන වටිනා ඔලිව් ගස් විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට එම සමාගම හා රජය දැරූ උත්සාහයක් පරාජය කිරීමෙනුයි.

IMG_5263_notap©AlessandraTommasi-800x533

මෙසේ ඉදිකිරීමට නියමිතව තිබූ දහන වායු නල මගින් ඝණ මීටර බිලියන ගණනක වායුන් ප්‍රවාහනය කිරීමට නියමිත වන අතර එය ඉතාලියේ කාලගුණයට නොගැලපෙන තත්වයක්. මේ වන විටත් මේ ආකාරයේ පොසිල දහනයෙන් ලබා ගන්නා වායූන් නිසා වායුගෝලයට විමෝචනය වන කාබන් ප්‍රමාණය අති විශාල වන අතර තවත් පොසිල ඉන්දන දහනය කරන සමාගම් හෝ කර්මාන්තශාලාවන් අළුතින් ඉදිකිරීම පවා වායුගෝලයට දැරිය හැකි උපරිම කාබන් ප්‍රමාණය ඉක්මවා යාමක් බවටයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

ඒ අතරම ඔලිව් ගස් වලට වන විනාශයට අමතරව මෙම නල සැන් ෆෝකා නම් අති සුන්දර මුහුදු තීරයෙන් ගමන් කිරීමට නියමිත වන අතර එය ප්‍රදේශයේ අලංකාරයට හා මුහුදුවෙරල විනාශ කිරීමට හේතුවන් වනු ඇතැම් ප්‍රදේශවාසීන් පවසනවා.

මේ සියළුම හේතූන් නිසා ප්‍රදේශයේ ජනතාව හා ප්‍රදේශයේ දේශපාලනඥවන් විසින් දැඩි ලෙස මෙම නල ඉදිකීරීම සදහා විරුද්ධත්වය ප්‍රකාහ කර සිටියත් ඉතාලි රජය විසින් එම විරෝධතාවයන් නොසලකා හරිමින් දිගින් දිගටම එම ඉදිකිරීමේ කටයුතු සිදුකර තිබෙනවා. එම නිසාම මෙ විරෝධතාවයන් සැලකිල්ලට නොගනිමින් මාර්තු මස 20 වන දින එම සමාගම විසින් ප්‍රදෙශයේ පෞරාණිත වටිනාකක් ඇති ඔලිව් ගස් කපා දැමීම සදහා පැමිණි අවස්ථාවේ ප්‍රාදේශීය සමාගමක් හා ප්‍රදේශවාසීන් විසින් එයට විරෝධය පලකර තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් වඩාත් සාමකාමී ලෙස විරෝධතාවයන් දක්වමින් ඔලිව් ගස් කපා දැමීම නැවැත්වීම සදහා උත්සහගත්තත් ශ්‍රී ලංකාවේදී වගේම රජය හා එම සමාගම විසින් ප්‍රචණඩකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම සිදුවී තිබෙනවා.

සමාගම විසින් කපා දමා දැමූ ඔලිව් ගස්
සමාගම විසින් කපා දමා දැමූ ඔලිව් ගස්

එතනින් නොනැවතුන වැසියන්ගේ උත්සහායට තවත් දහස්ගණනක පිරිසකගේ සහය ලැබෙන අතරේ ඉතාලිමාධ්‍යත් මෙ සිදුවීම වාර්ථා කර තිබෙනවා. එම අවස්ථාව වන විටත් විශාල ඔලිව් ගස් ප්‍රමාණයක් විනාශතර තිබූ සමාගමෙන් ඉතිරි ගස් ප්‍රමාණය ආරක්ෂා කිරීම සදහා උත්සහකරමින් සිටි ප්‍රදේශවාසීන්ට ලැබුණ සහය නිසාම වඩාත් ශක්තිමත්වූ විරෝධතාවයන් හමුවේ ඔලිව් ගස් විනාශ කිරීම නවතා දමා පසුපසින්නටත් තමන්ගේ න්‍යය පත්‍රයන් හකුලා ගන්නටත් සමාගම හා රජයට සිදුවූ ඇතැයි වාර්ථා වන්නේ.

විරෝධතාකරුවන් විසින් සමගමේ වාහන නැවතීමට යොදාතුබූ ගල්වැටි
විරෝධතාකරුවන් විසින් සමගමේ වාහන නැවතීමට යොදාතුබූ ගල්වැටි

 

https://globalvoices.org පරිවර්ථන සටහන -මිතිලායා ගමගේ

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here