බස්නාහිර පළාත් සභා මන්ත්රි සහ මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතාගේ මවගේ දේහය මේ වන විට කුරණ පිහිටි එම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස සිදුකිරීමට නියමිතය.
මේ වනවිට බන්ධානාගාරගතව සිටින පළාත් සභා මන්ත්රි රොයිස් විජිත ප්රනාන්දු මහතාට දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කෙටි කාලයක් නිවසට පැමිණීමට අවසර ලැබුණ අතර ඒ මහතා ප.ව.1.45ට පමණ නිවසට පැමිණ මවගේ දේහයට අවසන් බුහුමන් දක්වන ලදී.
මෙම අවස්ථාවේදී ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පාක්ෂිකයන් රැසක් සහභාගී වූහ.