බජට් එකට අත උස්සන්න දේශපාලන කප්පම් ඉල්ලන ගම්පහ මන්ත්‍රි කව්ද ?

0
68

Parliamentජනපති සිරිසේන සිය බලලෝභය නිසා සිදුකරන්නට යෙදුන කුමන්ත්‍රණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශාල පිරිසකගේ අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස පරාජයට පත්කරලිමට හැකිවිය.
ඒ වෙනුවෙන් ඇතැම් එජාප මන්ත්‍රි පියුරු බබාලා වොයිස්  කට් දෙමින් පානිය දාද්දි එජාපය තුල පවා සැබැ ලෙසින්ම කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා ඇත්ත මැදිහත්විමක් සිදුකරමින් සිටියේ අතලොස්සක් වන් පිරිසකි.
තතු එසේ වුවද කුමන්ත්‍රණය පරදවා යහපාලනය ඉදිරියට ගෙන යද්දි එජාප ඇතැම් මන්ත්‍රිලා දැන් යළිත් පාට් දමන්නට පටන් ගෙනය.
අයවැයට අතඋස්සන නම් තමන්ට දොල පිදේනි කප්පම් ඇවැසි බවට දැන් වහසි බස් දොඩන්නට පටන් ගෙන ඇති අතර ඇතැම් එජාප නායකයෝත් මේ කප්පම් පිල්ලි නලවන්නට පටන් ගෙන තිබේ.
අද රට හමුවේ ඇති සැබැ අභියෝගය බලලෝභයෙන් පෙළන රාජපක්ෂ පවුල හා එක්ව ජනපති සිරිසෙන්ගේ දැවැන්ත කුමන්ත්‍රණ නාඩගමයි.එය තවමත් පහහ ගොස් නැති සෙයකි.
ජනපති සිරිසෙන් දිනපතා ආසාර්ථ අඩව් තවමත් අල්ලමින් සිටි.
මෙවන් පසුබිමකදි සැබැ ප්‍රජාතන්ත්‍රවාදින් කළ යුත්තේ මේ නිමනොවුන කුමන්ත්‍රණ පරාජය කිරිම සදහා කොන්දේසි විරහිතව එකපෙළට සිට ගැනිමය.
එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රිවරයෙක් තමන්ගේ පුද්ගලික ඉල්ලිමක් ඉදිරියට දමා දැන් අමුතු කුමන්ත්‍රණයක් අරභා තිබේ.
අයවැයට අත උස්සන්න නම් තමන්ට ආසන සංවිධායක කමක් ඕනේ යැයි මේ අවස්ථාවාදි මන්ත්‍රිවරයා දැන් ඩෙගා නටන්නට පටන් ගෙන ඇත.
ඔහු හා කරේ අත දාගත් චාරයක් නැති මිගමුවේ අතලොස්සක්ද මේ නැටුමකට එක්ව  සිටිති.
මේ පැය යනු නිම නොවුන කුමන්ත්‍රණ කොන්දේසි විරහිතව පරාජය කිරිමට එකාවන්ව පෙළගැසිය යුතු මොහොතක් මිස දේශපාලන කප්පම් ඉල්ලා කුමන්ත්‍රණකරුවන්ට ආතල් සපයන එකක් නොවේ.
ඒ ගැන දේශපාලනිකව කියවා තේරුම් ගැනිමට නොහැකි ඇතැම් පියුරු බාබාලා මිගමු පමණක් නොව රටම අර්බුදයකට යැවිමට දැන් මාන බලති.
ඒ කැනහිලුන් එක මිටට තබා පරාජය කිරිමේ වගකිම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන සැමගේ වගකිම බව යළිත් මතක් කර දෙනු කැමැත්තෙමු.