බටලන්ද , පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර ජනසංහාරය

0
62
සරත් ඉල්ලමල්ගොඩ පියතුමා කියන්නේ ජාතික ජනබලවේගයට ලොකු හයියක් දුන්න ප්‍රධාන කතෝලික පියතුමෙක්.සාමාන්‍යයෙන් කතෝලික පියතුමන්ලා දේශපාලන වේදිකාවල් වලට නගින එක ටිකක් අමුතු දෙයක් වගේ බොහෝ අයට පෙනුනත් ඉද්දමල්ගොඩ පියතුමා තීන්දුවක් අරන් ඉරපැනල ගහල හරි මේකේ වෙනසක් කරන්න ඕන කියල තමයි එතුමා කල්පනා කරන්න ඇත්තේ.
වයස ඉලක්කමක් විතරයි අසනිප ගෝන්නක් මැද්දෙත් දුත මෙහෙවර අතඇරියේ නැ.
ආණ්ඩු වෙනසක් වෙනුවෙන් විතරක්ම නෙමෙයි තමන්ගේ ස්ථාවරයේ ඉදන් ආණ්ඩුව ගැන විවේචන ගෙන ඒමටත් පසුබට වුනේ නැ.
පහත උපුටා ගැනිම ඉද්දමල්ගොඩ පියතුමන්ගේ ෆේස්බුක් පිටුවෙන්.
…වැනල්  4 රූපවාහිනී ආයතනය මගින් ප්රචාරය කරණ ලද විඩියෝව නිසා පාස්කු ඉරිදා ප්රහාරයේ බිහිසුණු මතකයන් නැවත අප තුල අලුත් කරණු ලබයි.
පාස්කු ප්රහාරය පිලිබදව කොලඹ අගරදගුරු තුමා විසින් ජාත්යන්තර පරීක්ෂණයක් ගැන කර ඇති යෝජනාවට ද රනිල් රාජපක්ෂ ආන්ඩුව හැර අන් බොහෝ දෙනෙක් එකග වනු ඇත. එවැනි පරීක්ෂණයක් සිදුවිය යුතුමය.
එසේ වූවද නැවත වරක් කිව යුතු දෙයක් ඇත.
අප රටේ ඉතිහාසය තුල සිදුවූ එකම මිනිස් ඝාතනය පාස්කු බෝම්බ ප්රහාරය නොවේ. කීර්තිමත් ජනමාධ්ය කරුවන් ගණනාවක්, උතුර, නැගෙනහිර, දකුණේ දහස් ගණනක් සාමාන්ය ජනතාව ඝාතනයට ලක්වී ඇති බව නොරහසකි. එසේ බලනවිට අපව පාලනය වී ඇත්තේ ම්ලේච් සංස්කෘතියක් ඇති ඝාතකයන් පිරිසක් විසිනි.
මේ සත්ය බොහෝවිට සැගවී පවතී. මැතිවරණයකදී නැවතත් මෙම ජන ඝාතකයන් ජනතාව විසින්ම බලයට පත්කිරීමේ අණතුර අප රට තුල තිබේ.
එය වැලැක්වීම පුරවැසියාගේ වගකීමකි.
එබැවින් පාස්කු ඉරිදා ප්රහාරය මෙන්ම මෑත ඉතිහාසය තුල මෙරට තුල සිදුවී ඇති මේ සියලු ඝාතනයන් සහ අතුරුදහන්වීම් ගැන ජාත්යන්තර සහ ස්වාධීන පරීක්ෂණයක් අවශ්ය බව නැවත සදහන් කරන්නට කැමැත්තෙමි. ජනතාවට යුක්තිය ඉටුවන්නේ එවිටය. ඒ ගැන ජන මතයක් රට තුල ගොඩ නැගීමට සංවාදයක් ඇති විය යුතුය.
( ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස් පිටුවෙනි )

පාස්කු ප්‍රහාරයට වගේම යුද්ධයේදි සිදුකළ මිනිස් ඝාතන වලටත් විරුද්ධයි !

fr.sarath

අප්‍රියෙල් 21 පාස්කු ඉරුදිින සිදු කළ මිනිස් ඝාතනයට එරෙහිව කෙරෙන විරෝධයට මමත් සහභාගි වන්නෙමි.

අප රටේ පාලකයන් විසින් තමන්ගේ බලය සදහා මිනිස් ඝාතන සිදුකළ පළමු අවස්ථාව වූයේ මීට අවුරුදු හතරකට පෙර පාස්කු ඉරුදින සිදුකළ ප්‍රහාරයම නොවේ.

දේශපාලන විසදුම මග හරිමින් ජාතික ගැටළුවට එකම විසදුම යුද්ධය පමණයි කියමින් සිදු කළේද මිනිස් ඝාතන වේ.

එබැවින් අප්‍රියෙල් 21 විරෝධයට මම සහභාගී වන්නේ එම පාලකයන් විසින් ඉතිහාසය පුරා පවත්වාගෙන ගිය ඝාතන සංස්කෘතියට එරෙහිවයි. තවද එම සංස්කෘතියේම කොටසක් වන “නව ත්‍රස්ත මර්ධන” පණතට එරෙහිවයි.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස් බුක් පිටුවෙනි )

ඉද්දමල්ගොඩ පියතුමා හැම විටකට එතුමන්ගේ මුල් ස්තාවරයන්වලට ගිහින් ආණ්ඩුවේ ගමනට අදාල දේවල් මතු කලා.

මේ දවස් බටලන්දයි පාස්කු ප්‍රහාරයයි ගැන දකුනේ ලොකු දේශපාලන උනන්දුවක් මතුවෙලා.  විවිධ කණ්ඩායම් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න පටන් අරන්.
වැඩේ කියන්නේ මේ අතිබහුතරයක් කල්පනා කරන්නේ බටලන්දයි,පාස්කු ප්‍රහාරයයි විතරයි ලංකාවේ වෙලා මිනිස් තියෙන මිනිස් ඝාතනයක් කියල.
බටලන්දට අදාලව වගේම පාස්කු ප්‍රහාරයටත් අදාලව අපට අහිමිව ගිය මිනිස් ජිවිත ගණන ඉලක්කම් තුනක අගයක් අස්සේ හිරවෙලා තිබුනත් උතුරේ සහ නැගෙනහිර මිනිස් ඝාතන ,ජනසංහාර සිදුවෙලා තිබුනේ දසදහස් ගණන් වලින්.
නමුත් මේ වෙදනාව දකුනේ අති බහුතරයක් ඉන්නේ මරනින්දක.
ඉද්දමල්ගොඩ පියතුමා කියන්නේ ⁣මේ සකලාකාර ඝාතනයන්ට එරෙහි විය යුතුයි කියල .හැබැයි බටලන්ද කරේ තියන් යන ,ජවිපෙ අඩුම තරමේ මාතලේ ගෝඨාගේ camp එක ගැනවත් මීක් නැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here