බටහිර මුහුදු තිරයටත් තද සුළං ! ධීවරයන්ට අනතුරු ඇගවිමක් !

0
223

NGB beach 3අගෝස්තු 03 වෙනිදා සිට  දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි  වාර කිහිපයක් ඇතිවිය  හැකිය.  සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමිටර්  30 ත්  40 ත් අතර මට්ටමක පවති. හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් හැට දක්වා වර්ධනය වේ.
මුහුදු ප්‍රදේශ විටින් විට රඵ විය හැකිය.
මීගමුව ප්‍රදේශයේ මුහුද රළුවිම හේතුවෙන් දැනටමත් බෝට්ටුවක් පෙරළි ඇති අතර ඒ අසලින් ගිය වෙනත් යාත්‍රා වල ආධාරයෙන් දිවි ගලවාගෙන ගොඩට පැමිණ තිබේ.
පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් පනස් පහ දක්වා වැඩි වේ. ධීවර හා නාවික කටයුතුවලදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මුලාශ්‍රය =

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here