බඩුමිළ අඩුකරන ගැසට් එක කෝ ? මහජනයා අසති.?

0
62

1080x420_fill_3අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ඊයේ  (26) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇති බව මාධ්‍ය වාර්ථා කර තිබුණි.

ඒ අනුව නොවැම්බර් මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි වියළි හාල්මැස්සෝ, පරිප්පු, කට්ට කරවල, සාලයා කරවල, කඩල හා දේශීය කිරිපිටි ග්‍රෑම් 400 යන  භාණ්ඩවල මිල අඩුකර ඇති බව හෙතෙම කියා සිටියේ ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ අතර එහිදී මෙම භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට යෝජනා කර තිබිණි.
කෙසේ වෙතත් මහජනයා පවසා සිටින්නේ අත්‍යවශ්‍ය බඩු කිපයක මිළ ගණන් අඩුවන බව පවසා සතියක් ගතව තිබුණද රටේ කිසිම කඩයකින් ඒ මිළ ගණන්වලට ඒවා ලබාගැනිමට තවමත් අවස්ථාවක් නැති බව කියා සිටි.
බඩු මිළ අඩුකරන ගැසට් එක පිළිබදව පාරිහෝගික අධිකාරියෙන් විමසා සිටි අවස්ථාවේ එහි නිළධාරිණියක් පවසා සිටියේ ගැසට් පත්‍රය තවමත් නිකුත්ව නැති බවත් ආදාල කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත්ය.
ඒ අනුව පෙනියන්නේ අඩුමිලට පරිප්පු කන්නට බලා සිටින මහජනයාට තවත් ටික කාලයක් බලා සිටින්නට සිදුවන බවය.