බණ්ඩාරවෙලදි ශලනි තාරකාට මොකද වුනේ

0
281

ශලනි

ශලනිට මොකද වුනේ කියල අරුණ පුවත්පත අද ලිපියක් පළ කරලා තියෙනවා.එක තුල ඇත්තටම වුනේ මොකක්ද කියන කාරණය තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් කරුණ අන්තර්ගත වෙනවා.
එකේ තියෙන වැදගත්ම කෑල්ල තමයි මේ වැඩේ වකූර් කරපු චරිතේ , ඒ කියන්නේ බණ්ඩාර වෙල මොබයිල් ෆෝන් රිපෝටර්ගේ  රෙදි ගලවලම දාල තියෙන හැටි..
වැඩේ කියන්නේ ඔය කියන රිපෝර්ගේ  විඩියෝ ව කොවිඩ් 19 ප්‍රවෘත්ති වාර්තාකරණ නීති සේරම උල්ලංඝනය කරමින් ඉස්සර වෙලාම සමාජයට මුදා හැරල තිබුනෙත් අරුණ පත්තරේම වෙබ් එකෙන්.
ඒක තමයි මෙකේ තියෙන මරුම කෑල්ල.
|

අනික අරුණ පත්තරේ ලියල තියෙන මේ කෑලිවල අර බණ්ඩාරවෙල රිපෝටර්ට තවත් විශේෂණ පදයකුත් දාල තිබුණ .
චාරයක් නැතිව රිපෝට් කරන්න යන   රිපෝටර්ලාට නම් හොඳ පාඩම් මෙව්ව.
කුම්ඹලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු….

අරුණ පත්තරේ මේ ලිපිය ඇතුලෙ තිබුනේ කඩුවක් අතට ගත් වඳුරෙක්ගේ වාර්තාකරණය කියල .
ඇත්තමත් ඒක තමයි .

දැන් වත් හැදෙන් නැතැ මේ වගේ කඩුගත්ත වඳුරු රිපෝටර්ලා ….

පහත පළවන්නේ අරුණ පත්තරේ සම්පුර්ණ ලිපිය

 

කොවිඩ් භීතිය රට පුරා පැතිරෙද්දී ඔක්තෝබරය නිමා වූයේ ගම්පහට පමණක් නොව බස්නාහිර පළාතම නිරෝධායන ඇඳිරි නීතියේ ගිල්වමිනි. ඔක්තෝම්බර් 29 මධ්යම රාත්රියෙන් ආරම්භ වී 30, 31, නොවැම්බර් 1 හා 2 අලුයම වනතුරු බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවිණි. ඇඳිරි නීතිය පැනවූයේ පූර්ව දැනුවත් කිරීම් සමගය. එබැවින් ඇඳිරියට පෙර නිදහස සහ විනෝදය සොයා පිරිසක් විනෝද චාරිකා ද තවත් සමහරක් නෑ ගම් ද ගියේ පූර්ව දැනුවත් කිරීමට පිං සිදු වන්නට පූර්ව සූදානමත් සමගය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම ගැන කනස්සල්ලෙන්දෝ, ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට වූවන් සොයා ඇඳිරි සමයේ පොලිස් මෙහෙයුම් ක්රියාත්මක විය. ස්ථානය කුමක් වුවත් බස්නාහිරින් පැනගිය පිරිසට ලැබුණු දඬුවම වූයේ අසූ වූ ස්ථානයේම දින 14ක් නිරෝධායනයට ලක්වීමය.

මෙවන් පසුබිමක නිරෝධායන නීති නොසලකමින් ඇඳිරි සමයට පෙර බස්නාහිර සීමාව පන්නා බණ්ඩාරවෙල ටෙලි රූගත කිරීම් සඳහා ගිය ජනප්රිය නිළියක් ඇතුළු ටෙලි නාට්ය කණ්ඩායමකටද පොලිසිය සහ සෞබ්ය අංශය එකම හැන්දෙන් බෙදූ බවට කියන කතාව සමාජ මාධ්ය උණුසුම් කළේය.

එහෙත් ටෙලිනාට්ය කණ්ඩායමේ සිටි විසිපස්දෙනා අතරින් සමාජ මාධ්යවල පෙන්වූයේ ජනප්රිය ටෙලි නිළිය හා තවත් නිළියක් ඔවුන්ගේ කාමරයේම නිරෝධායනය කරන අයුරු පමණි. ඒ සමගම ජනප්රිය නිළියකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, එය ප්රචාරය නොකරන්නැයි මාධ්යවේදීන්ට තර්ජනය කළ බවත් ඇතැම් සමාජ මාධ්ය තළු මරමින් වාර්තා කළේය. මේ හැම කතාවේම හිටියේ එකම නිළියකි. ජනප්රිය නිළිය ලෙස එපමණක් නොව හොඳම නිළිය ලෙසද සම්මාන ලැබූ ශලනි තාරකා මෙම සමාජ මාධ්ය, රඟ දැක්වූ නිරෝධායන නාට්යයේ ප්රධාන නිළිය විය. ශලනි ඇතුළු පිරිස බණ්ඩාරවෙල රූගත කිරීම් සඳහා ගිය පුවතද, ඔවුන් එහි දී නිරෝධායනයට ලක් කළ පුවතද සත්යයකි.

කෙසේ නමුත් ඇඳිරියට පෙර බස්නාහිර සීමාව පැන්නූ වරදට පොලීසියෙන් හා සෞඛ්ය බලධාරීන් අතින් නිරෝධායන දඬුවමට ලක් වූයේ ‘‘CAN YOU HEAR ME ’’ටෙලි නාට්යයේ අධ්යක්ෂ සුනිල් කොස්තා ඇතුළු පිරිසය.

“ටෙලි නාට්යයකට දින වකවානු උන්හිටි ගමන් තීරණය කරන්න බෑ. අපිත් එක්ක වැඩ කරන්නෙ ජනප්රිය නළු නිළියො. එයාලා තවත් නිර්මාණ සඳහා දායක වෙනවා. ඒ නිසා කල් තියා දින වකවානු සූදානම් කර ගන්න ඕනෑ. ඔක්තෝබර් 27 බණ්ඩාරවෙල රූගත කිරීම් කරන්න අපි දින තීරණය කළේ සැප්තැම්බර් 20. ඒත් ආර්ටිස්ට්ලගෙ ප්රශ්නයක් නිසා ඔක්තෝබර් 30 දක්වා කල් දාන්න අපිට සිද්ධ වුණා. නිෂ්පාදක කණ්ඩායම ඇතුළු අපි කීප දෙනෙක් කලින් බණ්ඩාරවෙල ආවා. ශලනිලා ආවෙ 29 වැනිදා. 30 උදේම අපි රූගත කිරීම් ආරම්භ කළා. බණ්ඩාරවෙල නගරයේ ඉඳන් කිලෝ මීටර් 5ක් පමණ වෙන්න ඇතුළෙ තියන ගමක තමයි අපි රූ ගත කළේ.” අධ්යක්ෂ සුනිල් කොස්තා පවසන ආකාරයට ඔක්තෝබර් 30 බණ්ඩාරවෙල රූගත කිරීම බස්නාහිර ඇඳිරියට පමණක් නොව දෙවන කොරෝනා රැල්ල ආරම්භයටත් පෙර ගත් තීරණයකි. දිල්හානි, ශලනි, රොජර්, උමයංගනා වැනි ජනප්රිය මෙන්ම ප්රවීණ නළු නිළියන් රැසක් මේ සඳහා දායක වන බැවින් අධ්යක්ෂවරයා පවසන පරිදි ඔවුන්ගෙන් නින්දෙන් අවදි වූ සැණින් දින වකවානු ලබා ගැනීමටද නොහැක. එසේ බලන කල බස්නාහිර ඇඳිරිය පමණක් නොව දෙවන කොරෝනා රැල්ලද ආරම්භ වූයේ ඔවුන්ගේ කරුමයටය.

“ටෙලි නාට්යයක, චිත්රපටයක රූගත කිරීමක් කියන්නෙ විනෝද චාරිකාවක්, නෑ ගමනක් යනවට වඩා වෙනස් දෙයක්. අපි මේ විනෝදෙට ආව ගමනක් නෙමෙයි. ටෙලි නිර්මාණවේදීන් කියන්නෙත් වෘත්තිකයන් පිරිසක්. ඔවුන් කරන්නේත් වෘත්තියක්. කෙටියෙන්ම කිව්වොත් අපි ආවේ අපේ රස්සාව කරන්න. අනිත් එක මේක හොරෙන් ආව ගමනකුත් නෙමෙයි. ජාතික රූපවාහිනියෙන්ම තමයි අවශ්ය පාස් හදලා දුන්නේ. ඒ වගේම ශ්රී ලංකා විද්යුත් විකාශකයන්ගේ සංගමය සඳහා හිටපු සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සකසා දුන් උපමානයන්ට අනුගතව තමයි අපි රූගත කිරීම් ආරම්භ කළේ. රූගත කරන අතරෙ තමයි පොලිසිය ඇවිත් 119 වලට කතා කරලා ගමේ මිනිස්සු පැමිණිලි කළා කියලා රූගත කිරීම් නතර කළේ. ඊට පස්සෙ PHI කතා කරලා අපිට නවාතැනට එන්න කිව්වා. රජයේ බලධාරීන්ට ඇහුම්කන් දෙන්න ඕන නිසාත්, රටේ නීතියට ගරු කරන නිසාත් අපි ෂූටින් නතර කරලා නවාතැනට ගියා. ඊට පස්සේ PHI අපි 25 දෙනාවම දින 14කට නිරෝධායනය කළා.”

 

සුනිල් කොස්තා ඇතුළු පිරිසට හිටි හැටියේ වැහි නැති හෙණයක් පාත් වූයේ එලෙසින්ය. නිරෝධායනය පමණක් නොව 25 දෙනාටම පීසීආර් පරීක්ෂණ සඳහා යොමු වීමටත් සිදු විය. ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් මදි නොකියන්න ඇන්නේය. නිරෝධායනය කරන පුද්ගලයන්ගේ අනන්යතාව හෙළි නොකිරීම කොවිඩ් -19 පිළිබඳ රජය පැන වූ ආචාර ධර්මවලට ඇතුළත්ය. එහෙත් කඩුවක් අතට ගත් වඳුරෙක්ගේ වාර්තාකරණයේ යෙදුණු පුද්ගලයෙක් නිසා රටේ මහා කලබලයක් ඇතිවූවේය. ඉන් කබලෙන් ළිපට වැටුණේ ජනප්රිය නිළි ශලිනිය. නොසිතූ මොහොතක දින 14ක නිරෝධායනයට ලක් වූ ශලිනිට නොහික්මුණු තැනැත්තෙක් සමාජ මාධ්ය පුරා බෙදා හැරි පුවතින් හිත හොඳටෝම තළා ගත්තාය. අධ්යක්ෂ කොස්තා තැළුණු හිතැත්තී ගැන දුක් වන්නේය.

“ශලිනි හොඳටම මානසිකව වැටිලා. ඒත් අනවශ්ය විදියට පෞද්ගලිකත්වයට එබෙන එක හරි නෑ නේද? PHI ඇවිත් නිරෝධායනය කරන වෙලාවෙ අපි හිටියෙ ඒ සිහියෙ. ඒ අතර අපි දැක්කා කෙනෙක් ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. අපි හිතුවෙ පොලිසියෙ හරි සෞඛ්ය අංශයේ කවුරු හරි කියලා. පස්සෙ දන්නෙ මේ මනුස්සයා ගේ ඇතුළටම ගිහින් ශලිනියි, මාලියි ඉන්න කාමරයටම ගිහින් වීඩියෝ කරලා. ඒ මදිවට කිසිම සංස්කරණයක් කරන්නෙ නැතුව මාධ්යයේ ප්රචාරය කරලා. ඇත්තටම මේවා අනවශ්ය ප්රශ්න.

 

බොර දියේ මාළු බානා මෙවන් මාධ්යවේදීන් යැයි කියා ගන්නා පිරිස ගැන සොයා බලා නීතිය ක්රියාත්මක විය යුතු බව පවසන්නේ ප්රකට මාධ්යවෙදියෙක්, විද්යුත් මාධ්ය ප්රධානියෙක් සේම ශ්රී ලංකා විද්යුත් විකාශකයන්ගේ සංසදයේ කැඳවුම්කරු නුවන් ලියනගේය.

රූගත කිරීමක් වෙන්නේ කොළඹින් බැහැර ප්රදේශක නම් රූගත කිරීම් බලන්න එන, තම ආදරණීය රංගන ශිල්පීන්ට ආදරය ප්රකාශ කරන රසික රසිකාවියන්ගේ සොඳුරු කරදර ඉවසීමට සිදුවීම නිෂ්පාදක කණ්ඩායමටත්, නළු නිළියන්ටත් අලුත් අත්දැකීමක් නොවේ. එහෙත් පොලිසිය හා සෞඛ්ය අංශ පවසන ආකාරයට අධ්යක්ෂ කොස්තා ඇතුළු පිරිසට රූගත කිරීම් නතර කරන්නට සිදුවූයේත්, ස්වයං නිරෝධායනය වන්නට සිදුවූයේත් ගැමියන්ගේ විරෝධතාව නිසාය.

“කීප දෙනෙක්ම 119 ට කතා කරලා පැමිණිලි කරලා තිබුණා. කොළඹින් ඇවිත් ටෙලි නාට්යයක් ෂූටින් කරනවා කියලා. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක හා සෞඛ්ය වෛද්ය නිලධාරී ගේ උපදෙස් අනුව තමයි මම මේ ටෙලි නාට්ය කණ්ඩායම නතර වුණු ස්ථානයට ගියේ.”

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ප්රධාන මහජන සෞඛ්ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක එසේ පැවසුවත් අධ්යක්ෂ කොස්තා ගම්මුන්ගේ පැමිණිල්ල ගැන විශ්වාස නොකරන්නේය. ඒ තරමට ඔහුට ගම්මුන් විශ්වාසය. “මම නම් ගමේ මිනිස්සු 119 ට කතා කරපු එක විශ්වාස කරන්නෙ නෑ. ගම්මු කියලා මේක නතර කරන්න ඕන කෙනෙක් කතා කරන්න ඇති. මොකද 119 කතා කරන්න කලින් අපිට ඒ අයගෙ විරෝධය දැනෙන්න ඕනෑනේ. සහයක් මිසක් ඒ අය කවදාවත් අපිට බාධා කරන්නෙ නෑ.. ඒක මට විශ්වාසයි.” අසල්වැසියා නිරෝධායනයේ නම් ඔහුගේ සුව දුක් හා අඩු පාඩු කම් ඈත සිට හොයා බලනවා වෙනුවට මිදුලකට බැස්සත්, ගහකට කොළයකට සාත්තු කරත් තම වියදමින් පොලිසියට PHIට පෞද්ගලිකව හෝ නිර්නාමිකව දැනුවත් කර යුතුකම් ඉටුකරන මිනිසුන් සිටින රටක කොස්තාගේ විශ්වාසය හිල් කූඩයක් දැයි දන්නේ බණ්ඩාරවෙල ගම්මුන්ම පමණි.

“මට මේ අය එක්ක පෞද්ගලික තරහක් නෑ. මම වැඩ කරන්නෙ මට ඉහළින් එන උපදෙස් අනුව. සෞඛ්ය වෛද්ය නිලධාරී, ප්රජා වෛද්ය විශේෂඥ හා පොලිසිය තමයි මට මේ සඳහා උපදෙස් දුන්නේ. මේ විසිපස් දෙනා අතර අපි දන්න ජනප්රිය චරිත ඉන්නවා. ඒ වගේම නොදන්න අයත් ඉන්නවා. මේ අය එක පවුලක, එක ගෙදරක අය නෙමෙයිනේ. විවිධ ප්රදේශවල ඉන්න 25 දෙනෙක් තමයි මෙතන හිටියේ. මම ඒ අයගෙන් ඇහුවෙ පදිංචි ප්රදේශයේ සෞබ්ය බලධාරීන් විසින් දුන්න සහතිකයක් තියනවාද කියලා. මොකද මේ වෙලාවෙ ඒ වගේ තහවුරු කිරීමක් නැතුව ප්රදේශයෙන් පිටවෙන්න බෑ. අඩු තරමෙ පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණ වාර්තා තියනවා නම් අපිට මේ අයට කොවිඩ් අවදානමක් නෑ කියලා තහවුරු කර ගන්න පුළුවන්. එහෙම සෞඛ්ය වාර්තාවන් නැතුව අවදානම් කලාපවලින් ඇවිත් තියන අයව නිරෝධායනය කළේ මේ කණ්ඩායමේ හොඳට වගේම අපේ පළාතේ ජනතාවගෙත් යහපත වෙනුවෙන්. නොදැනුවත්ව හරි මෙතන එක ආසාදිතයෙක් හරි හිටියානම් මේ කණ්ඩායමම ඉවරයි. ඔවුුන්ගේ ගෙවල්වල අයත් ඉවරයි. යන එන ගමන් හරි බාහිර සාමාජය එක්ක ගනුදෙනු කළොත් අපේ ප්රදේශයත් ඉවරයි. ඒ නිසාම තමයි එක්කෙනෙක්ට රු.6500ක් වැනි රජයේ මුදල් වියදම් කරලා පීසීආර් පරීක්ෂණ කළේ. මේ අයගෙනුත් ඒ පරීක්ෂණය කරන්න කියලා ඉල්ලීමක් තිබුණා. කොහොම වුණත් අපේ පැත්තෙ මහජනතාව වෙනුවෙන් වෙන් කළ පරීක්ෂණ තමයි අපි ඒ අය වෙනුවෙන් කළේ. අපිට කඩා කප්පල්කාරී විදියට මේ වැඩේ නතර කරන්න ඕන නම් එහෙම කරන්නෙ නෑනේ.”

මහජන සෞඛ්ය පරීක්ෂක තමන් කළ ක්රියාව සාධාරණීකරණය කරද්දී අධ්යක්ෂ කොස්තා ඇතුළු පිරිස තමන් පැටළුණු පඹ ගාල ලිහා ගන්නට උපරිම උත්සාහ දරති.

අපිත් වෘත්තිකයන් පිරිසක්. කොවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෑ කියලා ජනාධිපතිතුමා කියනවා. අපිත් අවදානමක් අරගෙන මේ හුරු වෙන්නෙ අපේ රස්සාවල් කරගෙන ජීවත් වෙන්න. රට වහන්නෙ නැතුව වැඩ කරන්න කියනවා. කොවිඩ් දෙවැනි රැල්ල ඇරඹුණු ගාමන්ට් ෆැක්ටරිත් වැඩ කරනවා. රජයෙන් දුන්න සෞඛ්ය උපමානයන්ට අනුව වැඩ කරන්න ඇයි අපිට විතරක් අවසර නැත්තේ.”

අධ්යක්ෂවරයා මේ මුදාහරින්නේ ඔහුගේ හිතේ වේගයය. එය ඔහුගේ පමණක් නොව සියලු කලා කරුවන්ගේ හදගැස්මය. මේ වනවිට ‘‘CAN YOU HEAR ME’’ නාට්ය පමණක් නොව ‘දෙරණ’ නාලිකාවේ විකාශනය වන අතිශයින් ජනප්රිය ටෙලිනාට්යයක් වන ‘සංගීතේ’ රූගත කිරීම්ද සෞඛ්ය අංශවල බාධා කිරීම් හේතුවෙන් නතර කර තිබේ.

අපි පහුගිය කාලේ විකාශය වෙමින් පවතින ටෙලි නාට්ය හා වැඩසටහන් රූගත කිරීම සඳහා හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්ගෙන් උපමාන සහිතව අවසර ගත්තා. අපි දන්න තරමින් කොස්තා මහත්තයා ඒ උපමානයන්ට ගරු කරමින්, ඊට අවනත වෙමින් තමයි රූගත කිරීම් ආරම්භ කළේ. මට හිතා ගන්න බැරි පළාත් සෞඛ්ය බලධාරීන් සෞඛ්ය අධ්යක්ෂ ජනරාල්ගේ අවසරය ගරු නොකරන්නෙ ඇයි කියලා. “

ශ්රී ලංකා විද්යුත් විකාශකයන්ගේ සංසදයේ කැඳවුම්කරු නුවන් ලියනගේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් එසේ කරුණු දැක්වූවේය.

කෙසේ නමුදු බණ්ඩාරවෙලදි නිරෝධායනයට ලක් කළ ටෙලි නාට්ය කණ්ඩායමේ පීසීආර් වාර්තා පැමිණ තිබුණේ සියල්ලන්ට වාසි සහගතවය. කිසිදු ආසාදිතයෙක් ඒ කණ්ඩායමේ නොසිටීම ටෙලි කණ්ඩායමට සේම තම ප්රදේශයේ ආරක්ෂාව ගැන සිතූ ආරක්ෂක අංශ සහ සෞඛ්ය සේවා අංශවලටද තම අනියත බිය දුරු කර සිතට සැනසුමක් ගෙනඒමට හේතු වන්නට ඇත. එහෙත් ප්රතිඵල සෘණ වුණත් ටෙලි කණ්ඩායමට ධනාත්මක විසඳුමක් මේ ලිපිය ලියන මොහොත වන තුරු නොලැබිණි. තවමත් ඔවුන් නවාතැන්පොළේ ස්වයං නිරෝධායනයේය.

“මම මේ සිද්ධිය ගැන ජනමාධ්ය ලේකම්තුමා සමග පෞද්ගලිකව සාකච්ඡා කළා. එතුමාත් කිව්වෙ පීසීආර් ප්රතිඵල සෘණාත්මක නම් රූගත කිරීම් කරන්න පුළුවන් බව. අපේ දැන හැඳුනුම්කම් වලට සිද්ධියෙන් සිද්ධියට විවිධ බලධාරීන්ට කතා කරන්න බෑනේ. මේ අවස්ථාව වත් ආදර්ශයට අරගෙන හරි ක්රමවේදයක් සකස් කරන්න සුදුසු කාලය දැන් ඇවිත් තියෙන්නේ. එහෙම නොවුණොත් නිර්මාණකරුවන්ට මැරෙන්න වෙන්නෙ කොවිඩ්වලින් නෙමෙයි බඩගින්නේ. කොවිඩ් එක්ක ජීවත් වෙන්න ක්රමවේදයක් සකසා නොදුන්නොත් අද හොඳම නළුවා, නිළිය හෙට පාරට වැටෙන එක නවත්තන්න කාටවත් බෑ.” මෙලෙස තම රැහේ වුන් වෙනුවෙන් නීත්යනුකූල සහනයක් ඉල්ලා සිටින්නේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ සභාපති නීතීඥ ඩග්ලස් සිරිවර්ධනය.

හිමේෂා සවන්තී රාජපක්ෂ.
අරුණ පුවත් පත