බණ්ඩිරිප්පුවේ පොල් වෙනුවට කංසා..

0
447

බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ විශාල පොල්වත්තක හොර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධි කංසා වගාවක් වටලා සැකකරුවන් තිදෙනෙක් ඊයේ(ජුලි 10)  උදැසන අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටරාමුල්ල ලුණුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි. බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ අක්කර 10 ක් පමණ විශාල පොල්වත්තක වෙනත් වගාවන් අතර පෝච්චි වල මෙම කංසා වගාකර තිබු බවත්, මෙය මාස කීපයක සිට කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය කීය. මෙම කංසා වගාවේ පැල 200 ට ආසන්න ප්‍රමාණයක් තිබු බවත් මෙහි වටිනාකම ලක්ෂ 15 ක් පමණ වියහැකි බව පොලිසිය කීය. වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ විශාල කංසා වගාවක් හමුවුනු පළමු අවස්ථාව බව වැටලීම කල පොලිස් නිළධාරියෙක් පැවසීය. මෙම ඉඩමේ අයිතිකරුවන් ඇමෙරිකාවේ පදිංචිව සිටින බවත් මෙම ඉඩම බලාගන්න දි තිබු පුද්ගලයන් මෙම නීති විරෝධි වගාව කරගෙන ගොස් ඇති බව පොලිසිය කීය. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රි ය ජයතිලක මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදුසිංහ හා සරත්චන්ද්‍ර සැරයන් 23704 සරත් කොස්තාපල් 59696 වසන්ත 67360 රත්නායක පොලිස් රියදුරු 80339 මුතුනම යන නිළධාරින් විසින් මෙම වටලීම සිදු කර තිබිණ ( ජායාරූප ස්තුතිය පොලිස් නිළධාරි මුතුනම ට )

chandana2

 

චන්දන ප්‍රනාන්දු.