බණ්ඩිරිප්පුව වැවේ පිරිමි මළසිරුරක් ?

0
83

death 1බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් අද 26 උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මත බණ්ඩිරිප්පුව රේල් ගෙට්ටුව අසල බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබියදි උදැසන 10 ට පමණ එහි ගිය පොලිස් නිළධාරින් පිරිමි අයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කීය මාරවිල වැඩ බලනමහෙස්ත්‍රාත් ගාමිණි අර්ථනායක මහතාගේ නියෝගයෙන් මළ සිරුර ජලයෙන් ගොඩට ගෙන පරික්ෂා කිරිමේදි ගෙල සිර කිරිමට රෙදි පටියක් දමා තිබු අතර දකුණ අතේ ලේ ගලන තුවාලයක් හා පාද දෙකෙම විශාල තුවාල තිබු බවත් දෙපා ගැට ගැසිමට භාවිතා කල ලණුවක් හා ලේ තැවරුණු රෙදි කැබැල්ලක්ද එම මළ සිරුර තිබු ස්ථානයේ තිබි සොයාගත් බව පොලිසිය කීය මළ සිරුර මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත් ගාමිණි අර්ථනායක මහතා විසින් පරික්ෂා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මීගමුව මහ රෝහලට යැවිමට නියෝග කරන ලදි වයස අවුරුදු 50 ත් 55 ත් අතර වයසක පෙනුමක් මළ සිරුරෙන් දිස්වන බවත් අද අලුයම් කාලයේ මෙම මරණය සිදුවන්නට ඇති බවට සැකයක් පවතින බව පොලිසිය කීය මළ සිරුරේ මෙම ලක්ෂණ අනුව මෙම පුද්ගලයාව වෙනත් තැනක ඝාතනය කර මෙම වැවට ගෙනවිත් දමා තිබෙන බවට සැකයක් අනුව ඝාතකයෙන් සොයා පුළුල් පරික්ෂණ අරම්භ කර ඇතැයි පොලිසිය කීය හලාවත කොට්ඨාස සොකෝ නිළධාරින්ද ස්ථානය අවට හා මළ සිරුරේ තුවාල සියුම් පරික්ෂණයකට භාජනය කිරිම කරන ලදි හලාවත ජෙ‍යෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකරි දේශප්‍රිය ජයතිලක මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල ඇතුලු නිළධාරින් කණ්ඩායමක් පරික්ෂණ සිදු කරයි

වෙන්නප්පුවේ චන්දන ප්‍රනාන්දු