බදාදා පොළ ගැන නියෝජ්‍ය නගරාධිපති අසතුටෙන්

0
251

පසුගියදා  අලුතින් ක්‍රියාත්මක වන පරිදි කොච්චිකඩේ බදාද පොළ කොච්චිකඩේ
දුම්රිය පළ අසලට ගෙන යාම සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ
මන්ත්‍රීවරුන් අතර  මත ගැටුමක් ඇති බව වාර්තා වේ.  අලුතින් ආරම්භ කළ බදාදා රාත්‍රි පොළ
එම ස්ථානයට ගෙන ඒම හා බදු මුදල් ලබාගැනීම පිළිබදව කලින් තිබූ පටිපාටියට වෙනස්
ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නගරාධිපතිවරයා විසින් මුල පුරා ඇති බවත් වාර්තා වන
අතර මේ සම්බන්ධව  යම් මතභේදයක්  නගර සභා මන්ත්‍රීවරුන් අතර සිදුවී ඇත. මෙම පොළ
අලුතින් ආරම්භවී ඇති ආකාරය පිලිබදව මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති
එම්.එස්.එම් සකාවුල්ලා මහතා දැඩි විරෝධයක් දක්වන බව නිල නොවන ආරංචි මාර්ග
හරහා වාර්තා වේ. එමෙන්ම එලෙසම මේ ප‍්‍රදේශය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ  සුනිල් සිල්වා සහ බන්ධුල නාඔටුන්න යන නාගරික මංතී‍්‍රවරුන් මේ සිදුවීම සම්බන්ධව නිහඩව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.