බදුගෙවන ජනයාගේ සල්ලිවලින් ලයිට් දාල පොටෝ ෆේස්බුක් දාන නගරාධිපති !

0
41

ලයිට් දාන දායන් 2(1.30 pm ) ඕනැම නගරයක ජනයා බදු ගෙවන්නේ ඔවුන් නගරයේ මුලික අවැසිතා ඉටු කර ගැනිම සදහාය. එහෙත් නගර සභාවකින් කෙරෙන් සේවාවන් හරහා දේශපාලකයන්ගේ චරිතය පුම්බා ගැනිම සදහා නිර්ලජ්ජිත උත්සාහයක සෑම නගරයකම දේශපාකයෝ දැන් කටයුතු කරමින් සිටිති. එය පළාත් පාලන මන්ත්‍රිලා අතර දරුණු රෝගයක් මෙන් පැතිර යමින් තිබේ.ලයිට් දාන දායන් 3
මිගමුව තුල නම් දැන් මේ රෝගී තත්වය විශේෂයෙන්ම නගරාධිපතිවරයාට අතිශය දරුණුම ආකාරයෙන් වැළදි ඇති සෙයකි.කොටින්ම කියන්නේ නම් විදුලි බුබුළු මාරුකිරිම පවා දැන් මුහුණු පොතේ ෆෝටෝ පළකරන තත්වයක් දක්වා ගොසිනි.
ලැජ්ජානහරය කැපුණු දේශපාලකයන්ට ලයිට් එකක් දැම්මත් මුහුණු පොත මතක් වෙන ගානට දැන් මිගමුවේ වැඩ සිදුවෙමින් තිබේ.
අරුමය වන්නේ ඒවා තවත් උඩගෙඩි ති සටහන් ලියන්නටද කබ්බන් ප්‍රමාණයක් බිහිව තිබිමය.