බදුගෙවන ජනයා තලා පෙලා ක්‍රිඩාපිටි වලින් සල්ලි හම්බකිරිමේ කොමසාරිස් තියරිය ?

0
133

kk playgroundමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා මහත් වු උනන්දුවකින් සිදුකරනු ලබන එක් කටයුත්තක් තිබේ.
එනම් බල්ලො මරා හෝ සල්ලි හම්බට කොට සිය පාලන කාලය තුල වැඩි අදායමක් නගර සභාවට එකතු කරා යැයි කියාගැනිමේ නොනිත් ආශාවකින් කටයුතු කිරිමයි.
පසුගිය දිනක මීගමුව පොලිසියට පැමිණ තිබු අවස්ථාවකද එහි ස්ථානාධිපතිවරයාටද කියා සිටියේ ඔහු විසින් දැන් සැලකිය යුතු ගණනකින් අදායම් වැඩිකර ඇති බවය.
නගර සභාවේ වැට දිගේ බෝඩ් එල්ලිමේ ගාස්තුවද දැන් වැඩිකර ආදයම් හොයන බව ද එහිදි ඔහු කිමට අමතක නොකළේය.
අදායම් කෙසේ වෙතත් දැන් නගර සභාව පෙන්නේ නැති නැතිතරමට බෝඩ්ය.
එපමණක් නොව අධිබලැති විදුලි රැහැන් අතරේ පවා දැන් බෝඩ් සවිකර තිබේ.මේ ගොන්කම්  නිසා තරුණයකෙුගේ ජිවිතයක් බේරුනේ අනුනමයෙනි.
කෙසේ වෙතත් මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් වන මුලික සේවා පහසුකම් පැවැතිය යුත්තේ ඒවායින් හම්බකරන්නට නොව බදුගෙවන ජනයා හට සේවය සලසනු පිණිසය.
අනික් කරුණ නම් එහි උපරිම සේවා ඵලය ලැබිමේදි ප්‍රමුඛතාවය අනිවාර්යෙන්ම හිමිවිය යුත්තේ මිගමුවේ බදුගෙවන ජනයා හටය.
සිදුවිය යුත්ත එසේ වුවද දැන් ක්‍රියාත්මක වන්නේ මුලික සේවා පහසුකම් වලින් පවා මුදල් හම්බකරන්නට සැලසුම් සැකසිමය.
මේ අනුව දැන් කඩොල් කැලේ පිහිටි ටෙනිස් පිටියෙන්ද වැඩි අදායම් ලැබෙන අයුරින් පුහුණුකරුවන් හට ගිවිසුම් අත්සන් කොට වැඩිමුදලකට ලබාදි තිබේ.
ඒ අනුව අදාල පුහුණුකරු කරන්නේ තමන්ට වැඩිම අදායමක් ලබාගහැකිවන අයුරින් එහි පුහුණුවට පැමිණෙන දරුවන් හට ගාස්තු අය කිරිමයි.
මේ ආකාරයෙන් නගර සභාවේ මුලික සේවා පහසුකම ද මේ හම්බ කිරිමේ කොමසාරිස් තියරිය විසින් අර්බුදයට යවමින් තිබේ.