බදුල්ලෙන් පැරදුන හරින් වත්තලට ?

0
129
harinඑක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළඹෙන මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
පසුගිය වසර හතරහමාරක කාලය පුරා බදුල්ල දිස්ත්‍රික් ජනතාව දේශපාලනයේ නියැලුන හරින් ප්‍රනාන්දුගේ ප්‍රවේශය මේ වන විට අර්බුදයකට යමින් තිබේ.
කවදත් එක්සත් ජාතික පක්ෂයට වාසිසහගත දිස්ත්‍රික්කයක් වන බදුල්ල පසුගිය ජනාධිපතිවරණයේදී හරීන් ප්‍රනාන්දු මහතාට අතිශය හිතවත් පුද්ගලයකු වන සජිත් ‌ප්‍රේමදාස මහතා ඉදිරිපත්ව සිටියදීත් පරාජයට පත්ව තිබිණ.
එම පරාජයට ‌හේතුව හරීන් ප්‍රනාන්දු මහතාට දිස්ත්‍රික්කය තුළ එදා තිබුණ තැන දැන් අහිමිව ගොස් ඇති බවට වු පැහැදිලි ප්‍රකාශමාන විමකි.
දැනට වාර්ථා වන හරින් ප්‍රනාන්දු වත්තල ආසනයෙන් තරග කිරිමට නියමිතය. ඒ එක්සත් ජාතික පක්ෂයෙන්ද නැතිනම් සජිත් පිළි විසින් හදනවා යැයි  කියන් අලුත් පක්ෂයෙන්ද යන්න තවමත් අපැහැදිලිය.