මේ කියමන යළි යළිත් සනාථ කරමින්.දැනට ලංකාවේ පුළුල් අවධානයකට ලක්ව ඇති ඌව මහඇමති චාමර සම්පත් විසින් විදුහල්පතිණියක දණගැස්විම කාගේත් කථාබහකට ලක්ව තිබේ.
එහෙත් කථා බහට ලක්නොවනු එක් කරුණක් තිබේ.
එනම් මේ චාමරලා බිහිකිරිමට කව්ද වගකිවයුත්තේ කව්ද යන්නයි.
එමෙන්ම රටේ වැඩි කථා බහකට ලක්නොවුණද 2016 වසරේ මීගමුවේදිද තවත් සිදුවිමක් විය.
එනම් මීගමුව නගාරික ලේකම්වරියව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් සිය කාමරයට කැදවා කුණුහරුපයෙන් බැන වැදිම නිසා ඇගේ රුධිර පීඩනය වැඩිවි රෝහල් ගත කිරිමේ සිදුවිමයි.
ඌවේ චාමරත් මීගමුවේ දයාන් ලංසාගේත් දේශපාලන තාත්තලා එකය.
ඒ මහින්ද රාජපක්ෂය.
මේ තාත්තා වෙනුවෙන් දැන් යළිත් දායන් ලංසා මීගමුවේ නගරාධිපතිවරයා විමට මැතිවරණයට පිවිස තිබේ.
රාජපක්ෂ යුගය අම්මෝ එපා යැයි කියමින් මීගමුවේ බුද්ධිමත් ඡන්ද දායකයා ගෙදර යැව්වේ මීගමුව ආසනය වැඩි ඡන්ද 31000 කින් බවද අප අමතක නොකළ යුතුය.
ඉන්දික පෙරේරා
.