බදු මුදල් ලක්ෂ 21 ක් පිච්චෙයි..??

0
160

මෙවර නත්තල සදහා මීගමුව නගරඅලංකරණය සහ මහනගර සභාවේ විචිත්‍ර විදුලි අලෝක බුබුළු සදහා වැය වි ඇති මුළු මුදල රු ලක්ෂ 21 බැව් වාර්ථා වේ .ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සමිතියක් විසින් ක්‍රියාත්මක කළ මේ ගණුදෙනුවේදි ලයිට් පත්තු කරන්නට ලක්ෂ 21 ක්ම වැය වුයේද යන ගැටළුවක් මතුව ඇති බවද නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටි.

මේ පිච්චි ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදල් බව අප කළ විමසුමකදි ඊට පිළිතුරු දුන් නාගරික මන්ත්‍රිවරයෙක් පවසා සිටියේය.