බදු මුදලින් දාන ලයිට් වලට මන්ත්‍රිලාගේ නම් මොකටද ???

0
43

Archilede-LED-Street-Lighting-System-2මීගමුව මජනතාවගේ බදු මුදලින් මිළට ගත් වීදි ආලෝකය සදහා වන විදුලි බුබුලු නගර මධ්‍යයේ සවිකරතිබිම ගැන විවිධ පාර්ශව විසින් ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ට ස්තුති කියමින් බැනර් එල්ලවිමේ මහා විහිළුවක් මේ දිනවල මීගමුවෙන් වාර්ථා වේ.
මෙසේ බැනර් එල්ලවන මීගමුවේ ජනතාවගෙන් අපට අසන්නට ඇත්තේ අදාල මන්ත්‍රිවරයා තමන්ගේ සොච්චම් නගර සභා වැටුපෙන් මේ කෝබ්‍රා ලයිට් මිළට ගෙන මහජන හිතසුව පිණිස මීගමුව නගර මධ්‍යයේ සවි කර ඇතැයි පවසා සිටියේද යන්නයි.
මහජනයා මෝඩයන් වු  රටකට යන කල අප දනිමු.
එහෙත් මීගමුව ඉතිහාසයේ කිසිම දවසක නුදුටු අන්දමේ තකතිරු නගර පාලන සමයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවති.
දෙවියන් නැති යක්ෂයෝ පිණුම් ගසති.
හංදි ගානේ සුරුවම්ය.
දැන් ඒ සෙල්ලම පටන් ගත් බෞද්ධයෝද ඉස්පිරිතාලත් පන්සල් බවට පත් කරමින් බුදු පිළිම හදති.
එහෙත් මීගමුව පාලනය වන්නේ පාතාලයෙනි.