බන්දුල මාර්කට් එක අසල ඉපැරණි බෝ ගස කපා දැමුවේ කවුද?

0
660

 


අඩසිය වසකටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති මීගමු නගරයේ බන්දුල මාර්කට් ආසන්නයේ ඇති විශාල බෝ ගස පසුගිය වසරේ එනම් 2023 දෙසැම්බර් මස 16 වැනි සෙනසුරාදා දින උදේ වරුවේ මීගමුව මහා නගර සභාවේ ලොරී රථ බැකෝ යන්ත්‍ර සමඟින් පැමිණි නගරසභාවේම කම්කරුවන් පිරිසකගේ මුලකත්ව⁣යන් කපා දැමීම ආරම්භ වුණි. එම බෝ ගසේ පැති කිහිපයකට විහිදී තිබු අතු එකින්නෙක කපා දමද්දී මීගමුව බෞද්ධ මන්දීරයේ ලේකම් වරයාට ලද තොරතුරක් මත ඔහුගේ දැනුවත් කිරීමකට අනුව මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයට පැමින  කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙලදරව් වී ඇත්තේ  මෙම බෝ ගස කපා දැමීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතනයකින් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවයි.

සාමාන්‍යයෙන් අප දන්නා පරිදි මීගමුවේ නගරයේ දැනට ඉතිරිව ඇති ඉපැරණි බෝගස් තුනකි. එයින් එකක් ඇත්තේ මීගමුව දුම්රිය පොල ඉදිරිපිටය. “සුවඳ හමන බෝගස” ලෙස හඳුන්වන මීගමුව බන්ධනාගාරය ඇතුලේ ඇති බෝගස තවත් එකකි. අනෙක් බෝ ගස වන්නේ  මෙහි සඳහන් කරන බන්දුල මාර්කට් අසල ඇති බෝ ගසයි. ඒ නිසාම මෙම බෝ ගස ඉතාම සුවිශේෂී බෝ ගසක් ලෙස හැඳින්විය හැකිය. සාමානයෙන් මීගමුවේ වෙසෙන බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම්  වලට ලක්වූ  මෙම බෝ ගසේ  අතු කපා දැමීමක්  සිදු කරයි නම් ඒ සඳහා ප්‍රදේශයේ බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කර  අවසරය ලබාගතයුතු බවත් නිත්‍යානුකූල අවසරය ප්‍රා.ලේකම්වරයාගෙන් ලබාගතයුතු බවද මිගමුව  බෞද්ධ මන්දීරයේ ලේකම්වරයා සදහන් කරයි.
එහෙත් මෙම ක්‍රියාව සිදුව ඇත්තේ සෙනසුරාදා දිනයක එනම් නගර සභවේ නිවාඩු දිනයක සහ පැමිණිලි කිරීමට අදාල බලධාරියෙකු හෝ නගර සභාවේ නොමැති දිනයකය. මෙම බෝ ගස මුළුමනින්ම කපා දැමීමට උත්සුකවීම කිසියම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායම⁣කගේ ව්‍යාපාරික උවමනාවකට සිදු වූ බව ප්‍රදේශවාසීන්ගේ චෝදනා කරති.
එදින ලබා ගත් ඡයාරූප පරීක්ෂාකර බලන විට මේ සඳහා මීගමුව නගර සභාවේ ලොරී රථ,බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණද යොදා ගනිමින් නගර සභාවේ කම්කරුවන් සමඟ මෙම අනීතික ක්‍රියාව සිදු කීරීම පිටුපස නගර සභාවේ ඉහල නිලධාරයෙකුගේ හෝ නිලධාරී කන්ඩායමකගේ සහය ද මේ සඳහා ලැබී ඇති බව තහවුරු වේ.

මේ වන විට මීගමුව බෞද්ධ මන්දීරයේ ලේකම්වරයා විසින් මේ පිලිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාට මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය විධුර වික්‍රමනායක මහතාට ද ලිඛිතව දැනුම් දී ඇත. මේ වන විට බුද්ධ ශාසන අමාත්‍ය වරයා විසින් මේ සම්බන්ධව විමර්ශනයක් කිරීම සදහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.
⁣ කෙසේ වුවද මේ වන විට  මේ  ඓතිහාසික බෝ ගස කපාදැමීම මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂවරයාගේ නියමයෙන් සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත.