Editor's Choice බබෙක් බේරා ගන්නට 300 ක් එති By fgamage - 2017 August 27 0 75 FacebookWhatsApp පසුගිය අගෝස්තු 23 උදේ බ්රසීලයේ වෙරළට බබෙකු ගොඩ ගසා තිබුනේය .බබා අඩි 32 ක් දිග තල් මස් පැටවෙකි .ඔහුට පණ තිබුනේය. අවට මිනිසුන් ගැහැනුන් 300 දෙනෙකු එකතු වී එක දිගට පැය 24 කට ආසන්න කාලයක් පැටවාට වතුර ඉසිමින්ද , මුහුදෙ සිට තල්මසා හිරවී සිටි වැල්ලට ඇලක් කපමින්ද .පැටවා බේරා ගැනීමට උත්සාහ කළහ .කඹ ගැට ගසා බෝට්ටු දෙකකින් මුහුදට ඇදීමටද උත්සාහ කළහ ..එහෙත් වෑයම සාර්ථක වුයේ නැත .අවසානයේදී JCB යන්ත්රයකින් පැටවා ඔසොවා ගෙන ගොස් මුහුදට දමනු ලැබීය .