බඹර ප්‍රහාර වලින් බේරිමට වතුකම්කරුවන්ට ආරක්ෂිත ඇඳුමක් …..

0
189

පසුගිය දිනවල සතිපතා මාධ්‍ය වල වාර්ථා වි තිබුනේ වතුකම්කරුවන් වෙත නොකඩවාම එල්ල වෙමින් තිබු බඹර ප්‍රහාරයන් පිළිබදවය.මේ ප්‍රහාර හේතුවෙන් ඇතැම් අවස්ථාවල කම්කරුවන් ඉතාමත් අවාසනාවත්ත ලෙසින් මිය අවස්ථාවන්ද විය.
මේ තත්වය විසදුමක් ලෙසින් දැන්තේ වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී තිබේ.

ඒ තේ හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය විසිනි.

මෙම ඇඳුම කම්කරුවන්ගේ සම්පුර්ණ සිරුර ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර යම් අවස්ථාවක බඹර ප්‍රහාරයක් සිදු වුවහොත් එක වරම මුහුණ ප්‍රදේශය පමණක් දැල් ආවරණයෙන් වසා ගැනීමට හැකි ලෙස මෙය නිර්මාණය කර තිබේ.

තේ වතුවල සේවය කරන කම්කරු ජනතාව බොහෝ අවස්ථාවල බඹර ප්‍රහාරයන්ට ලක්වීම නිසා දැඩි පීඩාවට පත්වෙයි.

මෙම ඇඳුම් කට්ටල නියමු ව්‍යාපෘතියක් ලෙස ලබා දී ඇති අතර, කිසියම් අපහසුවක් හෝ වැඩට බාධාවක් සිදුවන්නේ නම් ඇඳුම් කට්ටල වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද පාලන අධිකාරිය පවසයි.
මුලාශ්‍රය – අද දෙරණ