බයිබල් බෙදුවත් උල්ලංඝනය වන්නේ මැතිවරණ නීතියයි

0
171

Rose-Bible-2මේ  දිනවල බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් නොබෙදන්නේ මොනවාදැයි ගැටළුවකි. ගෙනාවැයි වාර්තා වෙන කන්ටේනරයේ ඇති ඔරලෝසු , ෆෝන් මෙන්ම එකී නොකී දෑ මහ ගොඩකි. මේ අතර ජාඇල සහ මීගමුව දහම් ගුරුවරුන්ට ශුද්ධවූ බයිබලය නොමිළේ ලබාදුන් බව ද වාර්තා වේ.  එසේ බෙදාදී ඇත්තේ  විපක්ෂයේ පළාත් සභා අපේක්ෂකයෙකු ගානේය.
මෙය  තමන්ට ඡන්දය බලාපොරොත්තුවෙන් දුන් තුටු පඩුරක් බව පැහැදිලිය. මේ දිනවල ආණ්ඩු පක්ෂයේ සියල්ලන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින ආකාරයට ඡන්ද කොමසාරිස් වරයා ඉල්ලා අස්විය යුතුය.  මේ බයිබල් බෙදීම ද මැතිවරණ කාලය තුලදී සිදුවීම නිසා එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි. බයිබලය කියා එහි  වෙනසක් නොමැත.
ශුද්ධවූ බයිබලයේ නම් තිඛෙන්නේ වම් අතින් දෙන දේ දකුණු අතටත් නොදැනිය යුතුයි. කියාය.