Saturday, September 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Stories බරපතල වංචා ගැන වාර්තාව ජනපතිට ! මීගමුවේ දේශපාලන ගැහිලිත් මේ ෆයිල් 34...

බරපතල වංචා ගැන වාර්තාව ජනපතිට ! මීගමුවේ දේශපාලන ගැහිලිත් මේ ෆයිල් 34 ඇතුලේ ???

0
64

image_61b0cf1474


බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදී.

පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග සහ පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරු ද එක්ව සිටියහ.
මේ වන විට ජනාධිපති වරයා අතට පත්ව ඇති මුළු ෆයිල් ගණන 34 ක් වන ජනතා විමුක්ති පෙරමුණ කියයි.
මේ ෆයිල් අතර රාජපක්ෂ සමයේ මුල්‍ය වංචා හා දුෂණ වලට සම්බන්ධ බවට චෝදනා ලැබඇති මීගමුවේ දේශපාලකයන්ගේ ෆයිල් ගැනද දැනටමත් මීගමුවේ දේශපාලන කවයන් තුල පුළුල් සංවාදයක් දැන් මතුව තිබේ.

( ඡායාරූප : කපිල ආරියවංශ – ජනාධිපති මාධ්‍ය අංශය )
මුලාශ්‍රය- ලංකාදිපය

Exit mobile version