බර වාහන මහපාරෙන් ඉවත් කරන්න ! කුරණ ජනයා යළිත් පොලිසියට කියති !

0
559

Ezone 4(4.45pm ) කුරණ  බටහිර  එකමුතු  ග්‍රාම සංවර්ධන  සමීතිය  විසින්  විසින්  කරන  ලද  පැමිණිල්ලකට  අනුව  ඔටෝ  ඊසෝන්  සමාගමට  අයත්  බර  වාහන  අවිධිමත්  ලෙස  නවතා  තැබීම  නිසා   ඇතිවන  මාර්ග  තදබදය  ගැන  සාකච්ඡාවට  ගන්නා  ලදී.
මෙම ගැටළුව අවස්ථා ගණනාවකදිම මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේදි සාකච්ජාවට බදුන්ව තිබුනේද පොලිසිය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ නිසාවෙන් යළිත් එහි අවධානයට යොමුව තිබුණි.
මේ  අනුව  වාහන  වලින්  නිකුත්වන  ලිහිසි  තෙල්  කානුවලට  මුදා  හැරෙන  බවත්,  මාර්ග  අවහිරතාව  මත  මගීන්ට  වන  අපහසුවත්,  මෙහිදී  ජනතාව විසින් මතුකර තිබේ.
මූලස්ථාන  පොලිස්  පරීක්ෂක  තුමා  මේ  වනවිට මෙම  වාහන  ඉවත්කර  ඇතැයි  ප්‍රකාශ  කළ  නමුත්  තවමත්  මේ  තත්වය  එසේම  පවතින  බව ප්‍රදේශයේ  ග්‍රාම  නිලධාරි  මහතා  පෙන්වා  දෙන  ලදී.
මේ  අනුව  පෙරේරා  ඇන්ඩ්  සන්ස්  ඉදිරිපිට  මෙම  වාහන  ඇති  බැවින්  ඒවා  ගැන  සොයා  බැලීමට  පොලිස්  පරීක්ෂක  තුමා   පොරොන්දු  විය.