බලධාරින් එක්ව අවතැන් කළ සුජිත්ලා යළිත් තවත් කුඩාරමකට.??

0
159

තමන්ගේ නිවසකට හිමිකම් කි සුජිත් නාමල් නම් ධිවරයාට සිය නිවසින් ඉවත්ව යන්නට සිදුව තිබුනේ පැවැති වෙරළ ඛාදනය නිසා වෙරළ සංරක්ෂණ නිළධාරින් විසින්ම ලිඛිතව දුන් දැනුම් දිමක්ද සමගින්ය.
ඉන් කියැවුනේ පවතින අවදානම් තත්වය හමුවේ සුජිත්ගේ නිවසේ විසිම තවදුරටත් අවධානම් බවය.

වෙරළ ඛාදනයට ලක්වු සුජිත්ගේ නිවස
සුජිත්ලා කලපුව අසල ඉදිකරගත් තාවකාලික පැල්ප
අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා


ඒ අනුව ඔවුන් 2019 ජුලි මාසයේදි ඉන් ඉවත්වේ.
දැන් 2021 පෙබරවාරියයි.
සුජිත්ට සාධාරණයක් ඉටුකිරිමේ වගකිම අදාල බලධාරින් සියල්ලෝ විසින්ම මගහැර දමා ඇති අතර සුජිත් තැනින් තැනට අවතැන් වෙමින් සිටින්නේ සිය බිරිඳ සහ දරුවන් 4 දෙනාද සමගය.

පසුව අටවාගත් කුඩාරම
පොලිස් නියෝග මත අද එයද කඩාමන්නට සුජිත්ලාට සිදුවි


මිට පෙර කලපුව අසල තාවකාලික පැල්පතක් තනාගෙන සිටියදි ඒ බිම තොටුපලක් සංවර්ධනය කිරිමට යැයි කියා නඩු දමා අධිකරණය ක්‍රියාමාර්ගයක් තුලින් එය ඉවත් කර දැමිමට ධිවර සමිතියක් කිපදෙනෙකු විසින් කටයුතු කර තිබුණි


පසුව යන එන මං නැතිවු තැන කුඩා කුඩාරමක් ඒ අසලින් ඉදිකරගෙන තිබියදි එතනින්ද ඉවත් නොවන්නේ නම් උසාවිය යා යුතු බව පොලිසිය විසින් දැනුම් දිමෙන් පසු සුජිත් අද අලුයම ඒ කුඩාරමද ගලවා ඉවත් කරගෙන දැන් තවත් කුඩාරමක් සිය දරුපවුලට විසීම සදහා සුජිත්ලා තනමින් සිටිති
මේ සියල්ල මෙසේ සිදුවෙද්දි සුජිත්ලාව මෙසේ අවතැන් කළ සියල්ලෝ අද රැටත් සුවසේ නිදාගනිති.
එහෙත් සුජිත්ලාට ඇත්තේ නොනිදා පහන් කළ යුතුව ඇති රැයවල්ය.

ඡායා – පුරවැසි මාධ්‍යවේදි නුවන් හර්ෂ