බලධාරීන්ගේ උජාරු කතා මැද ජනතාවට කුරුසයක්වී ඇති සිරිකුරුස පාලම

0
117
සිරිකුරුස පාලම

 

 සිරිකුරුස පාලම
සිරිකුරුස පාලම

9.30am
මීගමුව ,  මුන්නක්කර  ප්‍රදේශය සහ  සිරිවර්ධන  පෙදෙස  යාකරන   පාලම  සිරිකුරුස  පාලම  හෙවත්  මෝඩ  පාලම  අනතුරු  දායක  තැනක්  ලෙස  පසුගිය  කාලය  තුළ  නිරන්තරව  සාකච්ඡාවට  බඳුන්  වී  ඇත.  අපි  කිහිප  වතාවක්  මේ  පිළිබඳව  ලිව්වෙමු. නගරසභාවේ  සිට  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලය  ,  මාර්ග සංවර්ධන  අධිකාරිය  ආදී  විවිධ   රාජ්‍ය  ආයතනවලත්  මීගමු  නගරයේ  සංවර්ධනය  සඳහා  පිහිටුවා  ඇති  ප්‍රාදේශීය  සංවර්ධන  කමිටුව  තුළත්  මෙකී  පාලමේ  සියළු  දසමහ දෝෂ  සම්බන්ධයෙන්   අදහස්  ඉදිරිපත්වී  ඇත. 2018  මැයි  17  වන  දින  මීගමුව  සම්බන්ධීකරන  කමිටුවේදී  පාලම  ගැන  අදහස්  ඉදිරිපත්විය.  මෙහිදී එ. ජා. ප. සංවිධායක  රොයිස්  විජිත  මහතා  ප්‍රකාශ  කළේ  මේ  සඳහා  ප්‍රතිසංස්කරණ  කිරීමෙන්  වැඩක්  නැති  බවත්,  ස්ථිර  වැඩපිළිවෙලක්  යෙදිය  යුතු බවත්ය.   ශ්‍රි. ල. නි. ප. සංවිධායක  ලලිත්  ටෙන්සිල්  මහතා  ප්‍රකාශ  කළේ  ශ්‍රි. ල. නි. ප. යට  ඡන්ද  ලබාගැනීමේදී ජනතාවට  මේ  ගැන  පොරොන්දු වී  ඇති  බැවින්  ඔවුන්  මේ  පාලම  හැදීම  භාරගන්නා  බවයි.
ඒ  පිළිබඳව  අප  අපගේ  වෙබ්  අඩවියේ  නැවත  ලිපියක්  පළ  කළෙමු.  එසේම  2018  ජුලි  23  වන  දින  පැවති  මීගමු  සංවර්ධන  කමිටුවේදීද   ලලිත්  මහතා  එම  අදහසම  නැවත  ප්‍රකාශ කරන ලදී.  ඒ ගැනද  අප  ලිපියක්  ලිව්වෙමු.  කෙසේ  නමුත්  තවමත්  ප්‍රශ්ණය  විසඳුනේ  නැතිවා  පමණක්  නොව  විස‍ඳෙන  ලකුණක්වත්  දක්නට  නැත. කන්දක්  විළිලා  ඇත.  නමුත්  මී  පැටියෙක් වත්  නැත. සෑම  ප්‍රාදේශීය  සංවර්ධන  කමිටු  වාරයකදීම   ඉහතකී  ආයතනවල  සියළු  නිලධාරීන්  මැදිහත්වී  මේ  ගැන  සුභවාදී  පියවරක්  ගන්නා  බවට  සපථ කරන ලදී.
මේ  ගැන  විමසීමේ  අදහසින්  අප  රජයේ  ආතනයක් වන  වෙරළ  සංරක්ෂණයට  දුරකථනයෙන්  ඇමතීමක්  කළෙමු.  ඔවුන් ගේ  පිළිතුර  වූයේ   මෙය  ඔවුන්ට  අදාල  නැති  බවයි.    මාර්ග සංවර්ධන  අධිකාරියේ  ප්‍රධාන  ඉංජිනේරු  තැන ලෙස  කටයුතු  භාරව  සිටින  ඉෂාරා  මහත්මිය   දුරකථනයෙන්     සම්බන්ධ  කර  ගන්නා  ලදී.  මේ  අනුව  සිරිකුරුස  පාලමේ  තත්වය  ඇයගෙන්  විමසූ  විට  එය  තමන්ට  අදාල  නොවන බව  ඇය  ප්‍රකාශ කළාය.  එවිට  එහි  වගකීම  ඇත්තේ  කාටදැයි  විමසූ  විට  එය  තමන්  නොදන්නා  බවත්  ප්‍රකාශ  කළාය.   මේ  ගැන  ප්‍රාදේශීය  ලේකම්  තුමාගෙන් ඇසූවිට  ඔහු  ප්‍රකාශකළේ   මෙහි  සැලසුම්  සියල්ල  සකසා  මාර්ග සංවර්ධන  අධිකාරියට  යවා  ඇති බවයි.

2018 වසරේදී ප්‍රාදේශීය  සම්බන්ධීකරණ  කමිටු  වාර්ථා  කියවා  බැලුව හොත්  මාර්ග සංවර්ධන  අධිකාරිය  ඉදිරිපත් කළ  කරුණු  පිළිබඳවද   අවබෝධයක්  ලැබිය හැක.  කෙසේ  නමුත්  මාර්ගසංවර්ධන  අධිකාරිය   මේ  සඳහා  වගකීමක්  නොදරනවා නම්  ප්‍රාදේශීය  ලේකම්  තුමා  කීවේ  බොරුවකි.  එසේ  නොවී  මාර්ග සංවර්ධන  අධිකාරිය   දුන් පිළිතුර    බොරුවක් නම්  මෙවැනි   සැහැල්ලුවෙන්   කරන  කථා  අනුව   ඔවුන් ගේ  බොරුව,  වංචාව  සහ  ජනතා විරෝධී  බව  යනාදී  සියළු  කාරණා  මතුවී  පෙනෙන  බව  පැහැදිළිය.  කෙසේ නමුත්  අප  මේගැන  බලධාරීන්  ගන්නා  පියවරයන්  පිළිබඳව  තව දුරටත්  අවධානයෙන්  සිටින්නෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here