මෙසේ ඇප ලැබි තිබුනේ මිගමුවේ හිටපු නාගරික මන්ත්රිවරයෙකු වන බන්දුල නාඔටුන්නටය.
මෙම ගිණි අවිය ඔහු සතුව ඇති බව පොහොට්ටු දේශපාලකයන් දන්නා බවත් , මේ කුමන්ත්රණය පිටුපස මිගමුවේ එක්තරා දේශපාලන පවුලක් සිටින බවත් මිපුර වෙබ් අඩවිය කළ විමසුමකදි මීගමුවේ ජේෂ්ඨ පොහොට්ටු දේශපාලකයෙකු කියා සිටියේය.
මෙම අත්අඩංගුවට ගැනිම සිදුවු විගස අදාල දේශපාලන පවුලට හිතවත් එක්තරා මාධ්යයකද මෙය පළව තිබිමෙන් ඒ සැකය වඩාත් තහවුරු වු බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් මැතිවරණ සමයේදි පුපුරා ගිය මේ පොහොට්ටු ගැටුම මිගමු දේශපාලනය තුල තිරණාත්මක කඩඉමක් ඉදිරියේදි නිර්මාණය කරනු ඇතැයි සවිඥානක දේශපාලන කවයන් අතර මේ දිනවල පුළුල් කථාබහක් නිර්මාණය වි තිබිමෙන්ම පෙනි යමින් තිබේ