බලයට පැමිණයහොත් නිදහස් කරන බවට ගෝටා පාරම්බාන්නේ කවුරුන් ගැනද?

0
131

Gota-Telepomtor(3.03pm)තමන් බලයට පත් වුවහොත් එදිනම, එනම් නොවැම්බර් 17 වනදාම “අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්” නිදහස් කරන බව ගෝඨාබය රාජපක්ෂ ඊයේ (09) අනුරාධපුරයේ දී ප්‍රකාශ කළේය.

පැවති මහින්ද රාජපක්ෂ යුගයේදී  මාධ්‍යවේදීන් මරාදැමීම,මාධ්‍යවේදීන් පැහැරගැනීම මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම වෙනුවෙන් පුද්ගලයින් පැහැරගැනීම් ආදී සියලු අපරාධ සම්බන්⁣ධයෙන් ගෝටාභය රාජපක්ෂට එරෙහිව චෝදනා තිබේ. මේ සියලු නීතිවිරෝධී අපරාධ වලට අතැම් යුද හමුදා නිළධාරීන්ටද චෝදනා ඇති අතර ගෝටාභය රාජපක්ෂ මේ නිදහස් කරනවා යැයි අදහස් කරන්නේ ඔහුගේ.අපරාධ වලට සම්මාදම් වූ නිලධාරීන්වය.

රටේ යහපාලනය ස්ථාපිත කිරීම වෙනුවෙන් 2015දී ජනතාව විසින් ගත් තීරණයට  රටේ ජනාධිපතිනරයාට හා අගමැතිවරයාට නියම සාධාරණයක් ඉටුකළ නොහැකිවීමේ අගතිය දැන් අප ඉදිරියට පැමිණ ඇත. නැවතත් රාජපක්ෂවරුන් රට පාලනයට ගැනීමට උත්සාහා කරන්නේ ඔවුන් ඒ සමයේ කළ කී දෑ ද සාධාරණය කරමිනි.