බලය ලබාගැනීම වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කිරිමට එරෙහිව මේ 21 ත් විරෝධතා

0
117

පාස්කු ප්‍රහාරය බලය ලබාගැනිම වෙනුවෙන් කළ මිනිමැරිමක් යැයි මාසයේ හැම 21වෙනිදාවකම මිගමුවේ බාල්දි හංදිය විරෝධතාවයක් සඳහා එක්වන සැම මතුකරන ප්‍රධානම කරුණ බවට පත්ව තිබේ.

අද රටේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබුන මිගමුවේ ටික දෙනෙකු හෝ මාසිකව මේ විරෝධතාවය පැවැත්විම සැබැවින්ම වැදගත්ය.

මෙම විරෝධතාවයේදි ප්‍රදර්ශනය වු එක් බැනරයක් පිලිබදව මාධ්‍යවේදීයෙකු විසින් එහි සංවිධායකවරියගෙන් විමසිමක් කර තිබුණි.

ඒ මේ තුනේම රනිල් යැයි කියා තිබුන බැනරය ගැනය.

මාධ්‍යවේදීයා විමසා සිටියේ මේ තුනේම රනිල් යැයි කිමෙන් මෙම කුරිරු ඝාතනය සම්බන්ධයෙන් ගෝ්‍ඨාභය නිදහස් යන අදහසක් මතුකර සිටින්නේද යනුවෙනි.

මේ අතර මෙම විරෝධතාවයේ විවිධ පුවරු අතර බලය ලබාගැනිම වෙනුවෙන් කළ ඝාතනයක් යන්නද විය.

එසේ නම් බලය ලබාගැනිමට අවැසිව තිබුනේ කාටද?

රට ආර්ථික වශයෙන් පරිහාණියට පත්කිරිම , සම්පත් කොල්ලකෑම,මුදල් ගසා කෑම් , මාධ්‍යවේදින් ඝාතනය කිරිම් , යුද්ධය අවසන් වු පසු හමුදාවට භාර වු විශාල පිරිසක්ද ඇතුලු දහස් ගණනක් අතුරුදන් කිරිම යනු චෝදනා වලට එහෙම පිටින්ම වගකිව යුතුව ඇත්තේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ රෙජිමයයි.

එහෙත් පශ්චාත් අරගලය භාවිතාව තුල රාජපක්ෂලාට එරෙහි අරගලය එහෙම පිටින්ම අමතක වි තිබේ.

යන එනමං නැතිවි ආමාරුවෙන් රටින් ගිය බැසිල් රාජපක්ෂ පැමිණෙන විට ඒ වෙනුවෙන් විරෝධාත දැක්විමට කිසිවෙකුත් පාරට පැමිණ තිබුන බවක් වාර්තා වි තිබුනේ ද නැත,
මේ පසුගිය තුල ජනඅරගලය අලුතින් සූත්‍රගත කළ යුතුව ඇත.

එය එක් එක් පක්ෂ වල න්‍යාය පත්‍රවලට එහා ගිය බහුජන අරගලයක් බවට පත් කළයුතුව ඇත.

This image has an empty alt attribute; its file name is WhatsApp-Image-2022-11-23-at-13.10.15-768x1024.jpg