බලය වෙනුවෙන් අහිංසක ජිවිත බිලිගෙන මාස 30 ක් !

0
93

දේශපාලන බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ක්‍රියාත්මක වු කුමන්ත්‍රණයක් නිසාවෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය නිසා අහිංසක ජිවිත බිලිගෙන 2021 ඔක්තෝබර් 21 වෙනි දිනට මාස 30 කි.
මේ ම්ලේච්ජ තිරිසන් කුමන්ත්‍රණයට එරෙහිව යුක්තිය අගයන දහමට ගරුකරන සියල්ලෝ ඒ්කාවන්ව පෙළගැසිය යුතුව තිබුණද ඊයේ මිගමුවේ බාල්දි හංදියේ පැවැති විරෝධතාවයට පවා එක්ව සිටියේ අතලොස්සකි.
විපතට පත්වු කටුවාපිටියේ ජනයාව පවා මේ විරෝධාතවන්වලට යොමුකිරිමට පල්ලිය කිසිදු උත්සාහයක් නොගන්නා බව ඉතාමත් පැහැදිලිය. කාර්දිනල් හිමියන් පවා එක්විමට නියමිතව තිබුන මෙම විරෝධතාවයට කටුවාපිටිය ගම නියෝජනය කරමින් අඩුම තරමින් 10 දෙනෙකු හෝ එක්ව සිටිය‌ේද යන්න සැක සහිතය.
කාර්දිනල් හිමියන්ද කටුවාපිටිය පල්ලියට යන ගමන් මොහොතක් මෙම විරෝධතාකරුවන් හමුවිමට නැවැති තිබුණි.
කතෝලික පල්ලියේ විරෝධයද මේ වන විට නිවේදන සහ වොයිස් කට්වලට සිමාවි ඇති පසුබිමක යුක්තිය අගයන කිතුණු නොකිතුණු ජනයාගේ විරෝධය ගොනු කළ හැක්කෙ කාටද ?


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here