බලාගෙනයි…පරිස්සමෙන් …මීගමුවේ ඩිජිටල් හොරු පිරිලා…

0
158

digi thriesමැත කාලයේ පටන් මිගමුව ප්‍රදේශයේ සැරි සරණ යම් කූඨ කාණ්ඩායම්  ගැන අවධානයෙන් පසුවූ අයෙකු ලෙස මේ සටහන තබමි.
මිගමුව කොප්පර හන්දිය පෙරියමුල්ල හන්දිය නගර මධ්‍යයේ බැංකු අසල සහ සති පොළ පවතින දිනයන්හිද වැන් රථ වලින් පැමිණ  රෝගින් සදහා සැත්කම් කිරිමට යැයි පවසා මුදල් රැස් කිරිමේ  කාර්යයේ නිරත වන්නන් පොලිසියට අල්ලා දෙන්නටත් ජනයාගේ සහයෙන් සැකයට තුඩුදුන් අය එලවා දමන්නටද ක්‍රියා කර ඇත්තෙමි.
දැනට දින කිහිපයකට ප්‍රතම මිගමුව ටවුමට ආසන්න පෙදෙසක නිවසකට පැමිණි තරුණයෙකු එම නිවස හිමියා ගෙන් තමා මිගමුව අක්කර පනහ පදිංචි කරුවෙකු බවත් තමා පැමිණියේ රෝගාතුරුවි සිටින තම සොහොයුරියට සැත් කමකට යැයි  මුදල් ආධාර ඉල්ලා අැත.  ඔහු විසින් පෙන්වන ලද ඡායා පිටපත්  ලියවිල්ල  ගැන සැක සිතු ෙගහිමියා තමා හට වාචික විස්තරයක් පවසන්නේ  නම් එය තම කැමරාවෙන් විඩියෝ රුප ගත කර මුදල් රැස් කරදිය හැකියයි පවසා තිබේ.  එයට එකගවු තරුණයා ගේහිමියා නිවස තුලට ගොස් කැමරාව රැගෙන එන විට එකි තරුණයා වේගයෙන් මුතුමාරි අම්මන් පාරෙන් දිව ගොස් ඇත්තේ හසු වුවහොත්  ඔහු ගේ කැරට්ටුව ප්‍රචාරය වන බැවිනි .
නිවෙස් හා  කඩ හිමියන් මෙම දිනයන්හි විවිධ දේ වලට  යැයි මුදල් රැස්කරන පිරිස ගැනත් අවධානය යොමුකරමින් ,  හැකි නම් ජංගම දුරකථනයෙන්  රුප යක් ගැනිමෙන්  හා  අසල් වැසියන්ද දැනුවත් කිරිමේ කාර්යයේ නිරත විය යුතුය.

සටහන  – සුජාඉල් මුනියර්