මීගමුව රෝහලේ අයාලේ යන සුනඛයින් රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට අද උදෑසන ක්‍රියාත්මක වූ විශේෂ බලු මෙහෙයුම අතරමග නතර කරන්නට බලධාරීන්ට සිදුවී ඇත. එයට හේතුව වන්නේ ෙමම සුනඛයන් රැගත් ඩීමෝ බට්ටා රථය කදිරාන ප්‍රදේශයේ පිහිටි සංවර්ධන වත්තට මුදාහැරීමට දැරෑ උත්සාහයේ දී එයට එරෙහිව ක්‍රියාත්මක වූ ගම්වැසියන් රථයටද එහි සිටි කම්කරැවන්ටද පහර දීමට පටන් ගැනීම හේතුවෙනි.මේ නිසා සුනඛයන් පටවා ගත් රථයට නැවත මීගමු රෝහලට පැමිණීමට සිදුවී ඇත. මීගමුව රෝහල් අධිකාරිවරයා විසින් පවසා ඇත්තේ පන්නල ප්‍රෙද්ශයේ ඇති කංකාණිමුල්ල රක්ෂිතට මෙම සුනඛයන් අතහැර දමන්නට වුවත් අදාළ රාජකාරිය බාරගත් උදවියට කිසියම් පැටලවිල්ලක් සිදුවී ඇති බවත් වාර්තා වේ.