බස්නාහිරට තද වැසි

0
311
Israel rain view to street through rain-specked window

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තද වැසිද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින දහවල් 12:10ට නවක්කාඩු (පුත්තලම දිස්ත්‍රික්කය), ගල්ගමුව (කුරුණෑගල දිස්ත්‍රික්කය), ඕනෑගම (පොළොන්නරුව දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.